
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය (DRDO) විසින් නිෂ්පාදිත ‘කුෂා’ නමැති දීර්ඝ පරාසැති, ගුවනින් පෘෂ්ඨයට එල්ල කරන මිසයිල පද්ධතියේ ප්‍රථම ගුවන් අත්හදා බැලීම ඔඩිෂා වෙරළට ඔබ්බෙන් පිහිටි ඩොක්ටර් ඒ.පී.ජේ. අබ්දුල් කලාම් දූපතේදී සාර්ථකව සිදුකර තිබේ.
අධික වේගයෙන් සහ ඉහළ අහසේ පියාසර කරන සතුරු තර්ජනයක් සංකේතවත් කරමින් සකස් කළ විද්‍යුත් ඉලක්කයක් වෙත එල්ල කරන ලද මෙම මිසයිල පද්ධතිය, එම ඉලක්කය සාර්ථකව විනාශ කිරීමට සමත් වූ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.
සතුරු ප්‍රහාරක ගුවන් යානා, මිසයිල, නියමුවන් රහිත ගුවන් යානා සහ විශාල ප්‍රමාණයේ සතුරු ගුවන් යානා ඇතුළු විවිධ මාදිලියේ ගුවන් තර්ජන රැසක් ඉහළ අහසේදී මෙන්ම පුළුල් පරාසයක් පුරා විනාශ කිරීමේ හැකියාව මෙම ‘කුෂා’ මිසයිල පද්ධතිය සතු බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සාර්ථක අත්හදා බැලීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං DRDO සංවිධානයට සහ ඊට දායක වූ සියලු පාර්ශවයන්ට සිය සුබ පැතුම් පිරිනැමීය. සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඔහු පැවසුවේ මෙම ජයග්‍රහණය ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරන බවයි.
තවද, මෙවැනි දීර්ඝ පරාසැති මිසයිල පද්ධතියක් සංවර්ධනය කිරීමේ තාක්ෂණික හැකියාව සතුවන්නේ ලොව ඉතා සුළු රටවල් ප්‍රමාණයකට පමණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම මිසයිල පද්ධතිය හරහා විදේශයන්ගෙන් මිසයිල ආනයනය කිරීම මත ඇති රැඳී පැවැත්ම අඩුවන අතර ඉන්දියාවේ ගුවන් ආරක්ෂණ හැකියාව සැලකිය යුතු ලෙස ශක්තිමත් වන බවද වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart