
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් හටගත් දැඩි විරෝධතා හමුවේ ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ධුරයෙන් ඉල්ලා අස්වී ඇති අතර, හිස්වූ අධ්‍යාපන අමාත්‍ය ධුරයේ අතිරේක වගකීම ආහාර හා පාරිභෝගික කටයුතු අමාත්‍ය ප්‍රල්හාද් ජෝෂි වෙත පවරා තිබේ.
ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ ඉල්ලා අස්වීම ජනාධිපති කාර්යාලය විසින් පිළිගැනීමෙන් අනතුරුව, ප්‍රල්හාද් ජෝෂි පත් කිරීම පිළිබඳ නිල නිවේදනය නිකුත් කරන ලදී.
විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමට එරෙහිව නවදිල්ලියේ ජන්තර් මන්තර් හි පැවැති විරෝධතාවලට දින 35ක් පිරීමත් සමග, ප්‍රධාන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කර ඇත.
‘දේශද්‍රෝහී බලවේග විසින් මෙම තත්ත්වය අනිසි ලෙස ප්‍රයෝජනයට ගැනීම වැළැක්වීම සඳහා’ තමන් මෙම තීරණය ගත් බව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමෙන් පැය කිහිපයකට පසු, මධ්‍යම අමාත්‍යවරුන් වන ජේ. පී. නඩ්ඩා සහ ජිතේන්ද්‍ර සිං සමග පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී, රජය විසින් තමන්ගේ ඉල්ලීම් ඉටුකිරීමට පොරොන්දු වූ බැවින් විරෝධතාව අවසන් කරන බව විරෝධතාකරුවන්ගේ පාර්ශ්වය ප්‍රකාශ කළේය.
ශිෂ්‍යයන්ගේ අයිතිවාසිකම් සුරැකීමට සහ අධ්‍යාපන පද්ධතියේ සිදුවන අක්‍රමිකතාවලට එරෙහිව දැඩි පියවර ගැනීමට මෝදි රජය සැමවිටම කැපවී සිටින බවත්, සාමකාමීව විරෝධතාවල නිරත වීමට සිසුන්ට අයිතියක් ඇති අතර බාහිර බලවේගවලට ඉන් අනිසි ප්‍රයෝජන ගැනීමට ඉඩ නොතබන ලෙසත් අලුතින් පත් වූ අධ්‍යාපන අමාත්‍ය ප්‍රල්හාද් ජෝෂි පවසා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart