
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ වරාය නගරය (Port City) ආසන්නයේදී චීන ජාතිකයකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව චීන ජාතිකයන් දෙදෙනකු පැය 48 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (24) කොළඹ අපරාධ කොට්ඨාසයට (CCD) අවසර ලබාදුන්නේය.
සැකකරුවන් දෙදෙනා විසින් ඝාතනය කරන ලද බවට සැකකෙරෙන අදාළ වින්දිතයාගේ මළසිරුර ඊයේ (23) ඇහැලියගොඩ, කරඳන ප්‍රදේශයේ ලඳුකැලෑවක සඟවා තිබියදී සොයාගන්නා ලදී.
පොලිසියට අනුව, චීන ජාතිකයන් තිදෙනෙකු අලුයම් කාලයේදී මසුන් ඇල්ලීම සඳහා කැබ් රථයකින් කොළඹ වරාය නගරය ප්‍රදේශයට පැමිණ තිබේ.
එහිදී වෙනත් රථ දෙකකින් පැමිණි තවත් චීන ජාතිකයන් පිරිසක් මොවුන්ට පහරදී, එක් අයෙකු පැහැරගෙන පළමුගොස් ඇත.
සැකකරුවන් ඔවුන් පැමිණි වෑන් රථයක් අතහැර දමා ගොස් තිබූ අතර, පසුව එම රථයේ තිබී වායු පිස්තෝලයක් (Air gun) ද පොලිසිය භාරයට ගෙන තිබේ.
අතරතුර, නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සඳහා කරඳන, ගෙට්ටුකඩ ප්‍රදේශයට ගොස් සිටි ඇහැලියගොඩ පොලිසියේ නිලධාරීන් පිරිසකට අසල වූ කැලෑවක සැකකටයුතු ලෙස ගොඩගසා තිබූ ගල් ගොඩක් දැකගැනීමට ලැබී ඇත.
ඒ පිළිබඳව පරීක්ෂා කිරීමේදී මිනිස් අතක කොටසක් ලෙස පෙනෙන යමක් නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබේ. පසුව සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී එම සිරුරු කොටස් චීන ජාතිකයෙකුගේ බවත්, ඔහු කොළඹ වරාය නගරයෙන් පැහැරගනු ලැබූ පුද්ගලයා බවත් තහවුරු විය.
වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මළසිරුර ඊයේ පස්වරුවේ අවිස්සාවේල්ල රෝහල වෙත ගෙනයන ලදී.
මළසිරුර සොයාගත් ස්ථානය ආසන්නයේ තිබී මෝටර් රථයක්ද පොලිසිය භාරයට ගෙන ඇති අතර, ඝාතකයන් විසින් වින්දිතයාගේ සිරුර ප්‍රවාහනය කිරීම සඳහා එම රථය භාවිතා කරන්නට ඇති බවට සැකකෙරේ.
සිද්ධියට සම්බන්ධ සැකකාර චීන ජාතිකයන් දෙදෙනා රටින් පළායෑමට උත්සාහ කරමින් සිටියදී කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ ආසන්නයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වූට්ලර් පැවසීය.
වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් මේ වන විට වෙරළබඩ පොලිස් කොට්ඨාසය වෙත භාර දී ඇත.
අපරාධයට සම්බන්ධ බවට විශ්වාස කෙරෙන සසුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර, මෙම චීන ජාතිකයන් පිරිස අතර ඇති වූ ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart