July 24, 2026

දකුණු පළාත් සභාවේ හිටපු ප්‍රධාන ලේකම්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අද (24) අත්අඩංගුවට ගෙන තිබේ. රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් සිදුකළ මූල්‍ය අක්‍රමිකතාවකට අදාළව සිදුකළ විමර්ශනයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අල්ලස් කොමිසම සඳහන් කරන්නේ 2019 වසරේදී දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන්ට වෙන් කරන ලද රුපියල් මිලියන 16.5ක විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ, රාජ්‍ය නොවන හා පොදු සංවිධාන සඳහා පුටු මිලදී ගැනීමේ ව්‍යාපෘතියකදී මෙම වංචාව සිදුව ඇති බවයි.

මෙම ව්‍යාපෘතිය දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශය යටතේ පැවති දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කර තිබුණි.

නියමිත රාජ්‍ය ප්‍රසම්පාදන පටිපාටියෙන් බැහැරව යමින්, නිශ්චිත නිෂ්පාදන සමාගමකට අනිසි වාසියක් අත්කර දීමටත්, ඒ හරහා රජයට විශාල මූල්‍ය පාඩුවක් සිදුකිරීමටත් කටයුතු කර ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දකුණු පළාත් සභාවේ හිටපු ප්‍රධාන ලේකම්වරයෙකු වන රන්නුලු චන්ද්‍රසිරි ද සොයිසා නමැති අයෙකි.

සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි