
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රත්ගම, දෙවනිගොඩ ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු විසින් නීතිවිරෝධී ලෙස උපයා ගන්නා ලද බවට සැකකෙරෙන රුපියල් මිලියන 150 ක් (කෝටි 15 ක්) වටිනා දේපළ තහනම් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයාගත් මුදල් යොදවමින් රත්ගම දෙවනිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් දේපළ රැස්කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මූලික පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙම පැමිණිල්ලට අදාළ කරුණු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙතද වාර්තා කිරීමට කටයුතු කර ඇත.
එම පරීක්ෂණවලදී අනාවරණය වූ කරුණු මත පදනම්ව, වැඩිදුර විමර්ශන නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත යොමුකර ඇති අතර, ඔවුන් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වා තිබේ.
එම විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, අදාළ සැකකරු සහ ඔහුගේ බිරිඳගේ සොහොයුරා විසින් නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල් යොදවා, සැකකරුගේ නැන්දම්මාගේ නමින් රුපියල් මිලියන 150 ක වටිනාකමකින් යුත් දේපළ මිලදී ගෙන ඇති බවයි.
ඒ අනුව, සැකකරුගේ නැන්දම්මාගේ නමින් මිලදී ගෙන තිබූ පහත සඳහන් දේපළ මෙසේ තහනම් කර ඇත:
* රුපියල් මිලියන 60 ක් වටිනා පර්චස් 31.7 ක ඉඩම සහ තෙමහල් ගොඩනැගිල්ල
* රුපියල් මිලියන 45 ක් වටිනා පර්චස් 9.30 ක ඉඩම සහ අර්ධ වශයෙන් නිමකර ඇති තෙමහල් ගොඩනැගිල්ල
* රුපියල් මිලියන 5 ක් වටිනා පර්චස් 3.1 ක ඉඩම
* රුපියල් මිලියන 10 ක් වටිනා පර්චස් 9.88 ක ඉඩම සහ තනි මහල් නිවස
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුව, 2026 ජූලි 23 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දින හතක (07) කාලයක් සඳහා මෙම දේපළවල අයිතිය තහනම් කිරීමේ නියෝග නිකුත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart