July 24, 2026

කඩවත නගරයේදී බීමතින් අශෝභන ලෙස හැසිරුණු බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයකු කඩවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අලුත්ගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ නිලධාරියෙකි.

මොහු පස්මසක පමණ කාලයක සිට සේවයට වාර්තා කර නොමැති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇති නමුත්, ඔහු වෙත මෙතෙක් සේවය අතහැර ගියා සේ සැලකීමේ නිවේදන නිකුත් කර නොමැති බවද වාර්තා වේ.

සැකකාර කොස්තාපල්වරයා සිද්ධිය වන අවස්ථාවේ බීමතින් සිටියේද යන්න වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු කරගැනීම සඳහා රාගම රෝහලට ඇතුළත් කර ඇත.

පවතින හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.