July 24, 2026

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගැනීම සඳහා අද (24) වරෙන්තුවක් නිකුත් කළ බව වාර්තා වේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව පෙනීසිටීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇත.

මෙම නඩුව අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී ඔහුගේ ඇපකරුවන්ද අධිකරණයේ පෙනීසිට නොමැති බව වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් තම රාජකාරිය ඉටුකරමින් සිටියදී ඔවුන්ගේ රාජකාරියට බාධාකළ බවට වන සිදුවීමක් සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.