
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ වරාය නගර පරිශ්‍රයේ (Port City) පිහිටි එල්ලෙන පාලම අසලදී චීන ජාතිකයන් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් අනතුරුව එක් චීන ජාතිකයෙකු පැහැරගෙන යාමේ පුවතක් වාර්තා වේ.
පොලිස් වාර්තාවලට අනුව, ඊයේ රාත්‍රී 11:00 ට පමණ චීන ජාතිකයින් තිදෙනකු නවීන පන්නයේ ජීප් රථයකින් වරාය නගර පරිශ්‍රයට පැමිණ එල්ලෙන පාලම මත සිට මත්ස්‍යයන් ඇල්ලීමේ නිරත වී ඇත.
අනතුරුව අද අලුයම 2:00 ට පමණ KDH වර්ගයේ වෑන් රථයකින් තවත් චීන ජාතිකයින් 15 දෙනෙකුගෙන් යුත් පිරිසක් එහි පැමිණ තිබේ. වරාය නගරයේ රථගාලේ වාහනය නවත්වා පාලම දෙසට පැමිණි එම පිරිස, මාළු බාමින් සිටි චීන ජාතිකයන් තිදෙනාට පහරදී ඇති අතර, පසුව ඔවුන්ගෙන් එක් අයෙකු පැහැරගෙන ගොස් ඇත.
පැහැර ගැනීමට ලක්වූ චීන ජාතිකයා පිළිබඳව මේ වන තෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.
සංවිධානාත්මකව පැමිණි පිරිස විසින් ඔවුන් පැමිණි KDH වර්ගයේ වෑන් රථය සිද්ධිය වූ ස්ථානයේ දමා ගොස් ඇති අතර, එම රථය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී විදේශයක නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් ද සොයා ගැනීමට පොලිසිය සමත් වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වරාය නගර පොලිසිය සහ උසස් පොලිස් නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයා සොයා සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
මේ අතර ඝාතනය කරන ලද බවට සැකකෙරෙන චීන ජාතිකයකුගේ සිරුරක් ඇහැලියගොඩ ප්‍රදේශයෙන් හමුවී ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart