July 23, 2026

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රදවාගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා අගෝස්තු මස 03 වැනිදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පිළිතුරු දේශන ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව වැඩිදුර දේශන ඉදිරිපත් කිරිම අගෝස්තු මස 03 වනදා දක්වා කල්තැබීමට අධිකරණය නියම කළේය.