
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ ප්රමුඛ පෙළේ බාලිකා පාසලක ඉංග්‍රීසි ගුරුවරියක මැලේයාසියාවේ පැවැති අන්තර්ජාතික රූ රැජිණ තරඟයකදී බිකිනි ඇඳුමෙන් සැරසී ශ්‍රී ලංකාව නියෝජනය කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ‘Fact Crescendo’ තොරතුරු තහවුරු කිරීමේ ආයතනය අනාවරණය කරයි.
එම ආයතනය සිදුකළ විමර්ශනයට අනුව, අදාළ ඡායාරූප සහ වීඩියෝවල සිටින තරුණිය ශ්‍රී ලාංකිකයකු නොවන අතර ඇයගේ සහ ශ්‍රී ලංකාවේ කිසිදු පාසලක් අතර කිසිදු සම්බන්ධයක් නොමැත.
තොරතුරු අනාවරණය කරගෙන ඇති පරිදි, එම තරුණිය ග්වාතමාලාවේ අල්ටා වේරාපාස් හි සාන් හුවාන් චමෙල්කෝ ප්‍රදේශයේ පදිංචි ජේමි ස්ටෙෆනි හර්නැන්ඩෙස් රෙයිනා නමැත්තියකි.
ඇය 2026 ජූලි 11 වනදා ග්වාතමාලාවේ කොබාන් හි පැවැති Nuestra Belleza Monja Blanca 2026–2027′ රූ රැජිණ තරඟයට ඉදිරිපත් වී තිබේ. එය අල්ටා වේරාපාස් පළාතේ නගර සභා මගින් සංවිධානය කරන ලද දේශීය තරඟයක් මිස, සමාජ මාධ්‍ය සටහන්වල සඳහන් වන පරිදි මලයාසියාවේ පැවැති අන්තර්ජාතික තරඟයක් නොවේ.
අදාළ තරඟකාරිය සිය නිල සමාජ මාධ්‍ය ගිණුම්වල සටහන් තබමින් තමන් ග්වාතමාලා ජාතිකයක බවත්, සිය උපන්ගම පිළිබඳවත් පැහැදිලිව සඳහන් කර ඇති බව Fact Crescendo ආයතනය පෙන්වාදෙයි.
එමෙන්ම, ඇය ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ බාලිකා පාසලක ඉංග්‍රීසි ගුරුවරියක බවට හෝ ඇයට එරෙහිව පාසලේ වෙනත් ගුරුවරුන් විනය පියවර ඉල්ලා ඇති බවට කෙරෙන ප්‍රකාශ සඳහා ද කිසිදු සාක්ෂියක් නොමැති බව විමර්ශනයේදී තහවුරු වී ඇත.
ඒ අනුව, ග්වාතමාලා ජාතික තරඟකාරියකගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගනිමින්, ඇය ශ්‍රී ලාංකික ගුරුවරියක ලෙස නිරූපණය කරමින් සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමඟ යැවීමට මෙම අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර ඇති බව නිගමනය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart