
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ස්විට්සර්ලන්තයේ ජාතික ජිම්නාස්ටික් ශූරියක වන ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත සොලෙයිල් නදීන්‍යා ටවුෂර් සහ ඇගේ නැගණිය වන ලූනා දුරංගි ටවුෂර් පසුගිය බදාදා (22) ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ හමුවී, අන්තර්ජාතික තරඟ බිමේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කර ඇත.
ස්විට්සර්ලන්තයේ ‘Genève Gymnastique Artistique’ ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් පුහුණුවීම් ලබන මෙම සොහොයුරියන් දෙදෙනා, ජර්මන් ජාතික ගෙරාඩ් ටවුෂර්ගේ සහ ශ්‍රී ලාංකික ජාතික ලුවිනි රණසිංහගේ දියණියන් වේ.
10 හැවිරිදි සොලෙයිල්, 2026 ස්විට්සර්ලන්ත ජාතික ජිම්නාස්ටික් තරඟාවලියේදී වයස අවුරුදු 11න් පහළ ස්විට්සර්ලන්ත ජාතික ශූරතාව දිනාගනිමින් මෙම ක්‍රීඩාවෙන් විශිෂ්ට දක්ෂතා දක්වා ඇති ක්‍රීඩිකාවකි. ඇගේ 8 හැවිරිදි නැගණිය වන ලූනා ද තරඟකාරී මට්ටමින් කැපීපෙනෙන දක්ෂතා දක්වමින් ඉදිරියට එන බලාපොරොත්තු තැබිය හැකි ජිම්නාස්ටික් ක්‍රීඩිකාවකි.
මෙම හමුවේදී, ශ්‍රී ලංකා ජාතික කොඩිය යටතේ තරඟ වදිමින් තම මව්බිමට කීර්තියක් අත්කර දීමට ඇති උනන්දුව සහ කැපවීම පිළිබඳව මෙම යොවුන් ක්‍රීඩිකාවන් දෙදෙනා අමාත්‍යවරයා වෙත පැහැදිලි කර ඇත.
ඔවුන්ගේ මෙම කැපවීම උණුසුම් ලෙස පිළිගත් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ඔවුන්ගේ ඉදිරි ක්‍රීඩා ගමන වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය සහ උපකාර ලබාදෙන බවට සහතික වී තිබේ.
මෙම අවස්ථාවට අදාළ ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් ද එක්ව සිටි අතර, මෙය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අනාගතයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සලකනු ලබයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart