
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වීසා අයැදුම් කිරීමේදී වැරදි තොරතුරු සැපයීම සහ අපරාධ චෝදනාවලට ලක්ව තිබීම හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීම ස්ථිරවම තහනම් විය හැකි බවට කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය වීසා අයදුම්කරුවන්ට අනතුරු අඟවා තිබේ.
මහජන නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සඳහන් කරන්නේ සුළු මට්ටමේ අපරාධ වරදක් පවා වීසා ප්‍රතික්ෂේප වීමට හේතු විය හැකි බවයි.
එමෙන්ම වීසා නිලධාරීන්ට අයැදුම්කරුවන්ගේ අපරාධ පසුබිම් තොරතුරු පරීක්ෂා කිරීමේ පහසුකම් ඇති බැවින්, පූර්ව නීතිමය උල්ලංඝනය කිරීම් හෝ අත්අඩංගුවට ගැනීම් පහසුවෙන් හඳුනාගත හැකි බවද එහි දැක්වේ.
වීසා අයැදුම්පත සම්පූර්ණ කිරීමේදී මෙන්ම සම්මුඛ පරීක්ෂණයේදී ද සෑම විටම සත්‍ය තොරතුරු ලබා දෙන ලෙස තානාපති කාර්යාලය අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.
ව්‍යාජ තොරතුරු සපයන්නේ නම් හෝ කරුණු සඟවන්නේ නම්, අනාගතයේදී ඇමරිකාවට ගමන් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් විය හැකි බවට ද තානාපති කාර්යාලය දැඩි ලෙස අවධාරණය කරයි.
“අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වීම ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම ස්ථිරවම වළක්වාලීමට හේතු විය හැක. සුළු වරදක් පවා වීසා ප්‍රතික්ෂේප වීමට බලපෑ හැකියි” යනුවෙන් ප්‍රකාශ කරන තානාපති කාර්යාලය, වීසා ක්‍රියාවලිය පුරාම අවංකව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart