
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජය කටයුතු කළ ආකාරයට එරෙහිව පැවැති දැවැන්ත විරෝධතා අතරතුරදී අත්අඩංගුවට ගත් ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි නිදහස් කර තිබේ.
කෝපයට පත් ශිෂ්‍යයන් සහ අලුතින් ආරම්භ කරන ලද ‘කරපොත්තන්ගේ ජනතා පක්ෂය’ (CJP) නම් සමාජ මාධ්‍ය ව්‍යාපාරය මගින් මෙහෙයවනු ලබන මෙම අර්බුදය, අගමැති නරේන්ද්‍ර මෝදිගේ පාලනය මුහුණදෙන විශාලතම දේශපාලන අභියෝගයන්ගෙන් එකක් බවට පත්ව ඇත.
වෛද්‍ය විද්‍යාල ප්‍රවේශ විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් වෛද්‍ය සිසුන් ලක්ෂ 20කට අධික සංඛ්‍යාවකට නැවත විභාගයට පෙනීසිටීමට සිදුවීමත් සමඟ මෙම නොසන්සුන්තාව හටගත්තේය.
මෙම අර්බුදය අවම වශයෙන් ශිෂ්‍ය සියදිවි නසාගැනීම් 12කටවත් වගකිව යුතු බව කියැවෙන අතර, අගමැති මෝදි සහ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් වහාම ඉල්ලා අස්විය යුතු යැයි බලකරමින් දැඩි විරෝධතාවල නිරත වේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලමින් සහ පොලිසියේ අමානුෂික ප්රහාරයන්ට එරෙහිව නවදිල්ලියේ මෝදිගේ නිල නිවස ඉදිරිපිට පැවැති සත්‍යග්‍රහයක නිරතව සිටියදී රාහුල් ගාන්ධි සහ අනෙකුත් විපක්ෂ නායකයන් අත්අඩංගුවට ගැනිණි.
ඊට ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන අමාත්‍ය ප්‍රධාන් X (ට්විටර්) සටහනක් තබමින් මෙම සත්‍යග්‍රහය හෙළාදුටු අතර, රාහුල් ගාන්ධි කඩාකප්පල්කාරී ක්‍රියා සඳහා සිසුන් ‘දේශපාලන මෙවලමක්’ ලෙස නිර්ලජ්ජිත ලෙස භාවිත කරන බවට චෝදනා කළේය.
එසේම රජය වගවීම සහ ප්‍රතිසංස්කරණ ලබාදීමට කැපවී සිටින බවද ඔහු පැවසීය.
මාස දෙකකට පෙර ආරම්භ කරන ලද CJP ව්‍යාපාරය, නිතර සිදුවන විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම් සහ පවතින රැකියා හිඟය හමුවේ දැඩි කලකිරීමට පත්ව සිටින මිලියන සංඛ්‍යාත ඉන්දීය තරුණ තරුණියන් සංවිධානය කිරීමට සමත්ව ඇත.
සඳුදා දිනයේ නවදිල්ලියේ පැවැති ගැටුම්වලදී පොලිසිය විසින් කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කරන ලද අතර, එහිදී පොලිස් නිලධාරීන් 118 දෙනකු සහ විරෝධතාකරුවන් 60 දෙනකු තුවාල ලබා ඇත.
මෙම මර්දනය හමුවේ වුවද, විරෝධතාකරුවෝ සිය ගණනක් තවදුරටත් නවදිල්ලියේ ජන්තර් මන්තර් විරෝධතා භූමියේ රැඳී සිටිති.
මේ අතර උපවාසයේ නිරත සමාජ ක්‍රියාකාරිකයකු වන සෝනම් වංචුක් අධිකරණ නියෝගයකින් පසු පෞද්ගලික රෝහලකට මාරුකර යවා ඇති අතර, එමගින් පෙන්නුම් කරන්නේ මෙම ජනතා ව්‍යාපාරයේ පසුබැසීමක් නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart