July 22, 2026

කොළඹ ලිබර්ටි ප්ලාසා වෙළඳ සංකීර්ණයේ පිහිටි වෙළඳසැලක සිදුකළ වැටළීමකදී රුපියල් මිලියන 50ක් (කෝටි 5ක්) පමණ වටිනා අයිෆෝන් ඇතුළු නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද නවීනතම මාදිලියේ ජංගම දුරකථන 300කට වැඩි  සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර, අදාළ නීතිවිරෝධී ජංගම දුරකථන අලෙවි කිරීම සම්බන්ධයෙන් එක් සැකකරුවකුද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් තොගයට නීත්‍යානුකූල ආනයන පටිපාටියෙන් බැහැරව මෙරටට ගෙන එන ලද අධි තාක්ෂණික ජංගම දුරකථන 300කට අධික ප්‍රමාණයක් ඇතුළත් වේ.

ජංගම දුරකථන ඇතුළු විද්‍යුත් උපකරණ නීතිවිරෝධී ලෙස ආනයනය කිරීම සහ අලෙවි කිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රේගුව සමඟ එක්ව නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් වේගවත් කර ඇති පසුබිමක මෙම වැටළීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ජංගම දුරකථන තොගය වැඩිදුර විමර්ශන සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා භාර දී ඇත.