
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වයස අවුරුදු 15ට අඩු දරුවන්ට ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතය තහනම් කෙරෙන නව පනත් කෙටුම්පතක් සඳහා ප්‍රංශ පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කළ යුරෝපා සංගමයට අයත් පළමු යුරෝපා රට බවට ප්‍රංශය පත්වෙයි.
මෙම තහනම සිය ධුර කාලයේ ප්‍රධාන ප්‍රතිසංස්කරණයක් ලෙස පෙන්වා දෙන ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ලබන සැප්තැම්බර් මාසය වන විට එය බලාත්මක කිරීමට අපේක්ෂා කරයි.
“අපගේ දරුවන් සහ යොවුන් වියේ පසුවන්නන් ආරක්ෂා කිරීමේදී යුරෝපයේ පෙරමුණ ගැනීමට ප්‍රංශයට හැකිව තිබෙනවා,” යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මැක්‍රොන් ප්‍රකාශ කළේය. ඔහු මෙය හැඳින්වූයේ දැවැන්ත ජයග්‍රහණයක් ලෙසයි.
අඟහරුවාදා දිනයේදී මෙම පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරයා සිය ස්තූතිය ද පිරිනැමීය.
“දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් මේ පිළිබඳව අවසන් තීරණය ගත යුතුව තිබෙනවා. ඉන්පසුව මෙම තීරණය සැබෑවක් කරමින්, අන්තර්ජාලය ඔස්සේ අපගේ දරුවන් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කාලය එළඹෙනු ඇති,” යනුවෙන් ඔහු X ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කළේය.
ප්‍රංශ සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ මෙම පනත් කෙටුම්පත, පසුව පහළ මන්ත්‍රී මණ්ඩලයේදී වැඩිඡන්දයෙන් සම්මත විය. එහිදී පනතට පක්ෂව ඡන්ද 279ක් හිමිවූ අතර, විපක්ෂව හිමිවූයේ ඡන්ද 81ක් පමණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart