
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති ලේකම් කාර්යාලයට සේවකයන් පත්කර, ඔවුන්ව සිය පෞද්ගලික සහ දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීමෙන් දූෂණ වරදක් සිදුකර ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් අකිල විරාජ් කාරියවසම්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවකයන් මෙලෙස දේශපාලන කටයුතු සඳහා යොදාගත් බවට වන චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර ප්රශ්න කිරීම සඳහා, දැනට සිදුවෙමින් පවතින විමර්ශනවල කොටසක් ලෙස ඊයේ (21) කොමිෂන් සභාව හමුවේ පෙනීසිටින ලෙස ඔහුට දැනුම් දී තිබිණි.
කෙසේ වෙතත්, අද පස්වරුව වන තෙක්ම අකිල විරාජ් කාරියවසම් කොමිෂන් සභාව හමුවේ පෙනීනොසිටි අතර, ඔහු නොපැමිණීමට කිසිදු හේතුවක් නිලධාරීන්ට දැනුම් දී නොමැති බවද අල්ලස් කොමිසම පැවසීය.
රාජ්ය සේවකයන් පෞද්ගලික හෝ දේශපාලන අරමුණු සඳහා අවභාවිත කිරීම දූෂණ වරදක් ලෙස ස සැලකෙන අතර, මෙම විමර්ශනය අල්ලස් පනතේ අදාළ ප්රතිපාදන යටතේ සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart