July 22, 2026

ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තු ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, එහි ප්‍රථම කාන්තා සහකාර බන්ධනාගාර අධිකාරිවරිය ලෙස දිස්නා කාරියවසම් 2026 ජූලි 20 වන දින පත්කරනු ලැබුවාය.

ගාල්ල දිස්ත්‍රික්කයේ උපත ලැබූ ඇය, මීට වසර තිහකට ආසන්න කාලයකට පෙර කාන්තා බන්ධනාගාර නියාමකවරියක ලෙස සේවයට එක්විය.

පසුව තරග විභාග සහ උසස්වීම් ලබමින් දෙවැනි පන්තියේ, පළමු පන්තියේ සහ ප්‍රධාන ජේලර්වරිය ලෙස ඇය දිවයින පුරා බන්ධනාගාර රැසක සහ මූලස්ථානයේ විශිෂ්ට සේවයක් ඉටුකළාය.

අඛණ්ඩ අධ්‍යාපනයට ලැදි ඇය මනෝවිද්‍යාත්මක උපදේශනය, අපරාධ විද්‍යාව සහ පුනරුත්ථාපනය පිළිබඳ උසස් ඩිප්ලෝමා සුදුසුකම් රැසක් සපුරා ඇත.

තවද, ඇය රාජ්‍ය සේවා හා ජාතික මට්ටමේ මලල ක්‍රීඩා තරග නියෝජනය කරමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පදක්කම් රැසක් දිනාදුන් දක්ෂ ක්‍රීඩිකාවකි.