
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රදවා ගැනීම අභියෝගයට ලක්කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම ඊයේ(21) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලීම සිදුවිය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරියගෙන් සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීම සිදුකෙරිණි.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ සඳහන් කළේය.
“අයි.එස්.අයි.එස්. ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයේ මතවාදයන් ශ්‍රී ලංකාව තුළ දරුණු ලෙස ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව 2016 වසරේ පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා යුද හමුදා බුද්ධි බළකායේ අධ්යක්ෂවරයා ලෙස ආරක්ෂක මණ්ඩලයේදී අවධානය යොමුකර තිබූ බව සඳහන් කළා. එම මතවාදයන් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වන ආකාරය සහ එහි අනතුරුදායක තත්වය පිළිබඳවත් ඔහු එහිදී කරුණු දක්වා තිබුණා. සිරියාවේදී එල්ල කෙරුණු ගුවන් ප්‍රහාරයකින් අයි.එස්. සංවිධානයට සම්බන්ධ වූ ශ්‍රී ලාංකිකයකු මියගොස් තිබුණා. පසුව එම සංවිධානයට සම්බන්ධ වූ ශ්‍රී ලාංකිකයන් ගැන යුද හමුදා බුද්ධි බළකාය විමර්ශනයක් සිදුකළා. පසුව ශ්‍රී ලංකාව තුළ ඉස්ලාමීය අන්තවාදය මැඩපැවැත්වීම සඳහා ගත යුතු පියවර ඇතුළත් ‘සංකල්ප පත්‍රිකාවක්’ සුරේෂ් සලේ විසින් සකස් කළා. ඒ සඳහා කාර්යසාධක බලකායක් පත්කළ යුතු බවටත් ඔහු යෝජනා කළා. මේ සියල්ල ඔහු එවක ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා වෙත ඉදිරිපත් කර තිබුණා. නමුත් ඉස්ලාමීය අන්තවාදය සම්බන්ධයෙන් සුරේෂ් සලේ දැක්වූ කරුණු දැක්වීම් සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ පුද්ගලයෙකු කැමැත්තක් පළකළේ නෑ. ඊට එම පුද්ගලයා අකමැත්ත පළකර තිබුණා. ඒ බව එවක යුද හමුදාපති වශයෙන් කටයුතු කළ ජගත් ක්‍රිශාන්ත ද සිල්වා මහතා විසින් ජනක් ද සිල්වා කොමිසමට ලබාදී තිබූ සාක්ෂියේ සදහන් කර තිබෙනවා. මේ හේතුවෙන් ඉස්ලාමීය අන්තවාදී කටයුතු පිළිබඳ සුරේෂ් සලේ විසින් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ කරුණු වල යම් අඩාල වීමක් සිදු වූ බව එවක හමුදාපතිවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබුණා. ඊට මාස දෙකකට පමණ පසුව සුරේෂ් සලේ යුද හමුදා බුද්ධි බලකායෙන් ඉවත් කර මැලේසියාවට යවනවා. දේශපාලන හේතුන් මතයි මේක සිදුවුණේ. මේ ආකාරයට ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව කටයුතු කළ පුද්ගලයෙකු පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස නම් කරන්නේ කෙසේද? මේ නිසා වර්තමානයේ ඉස්ලාමීය අන්තවාදය රට තුළ ප්‍රචලිත වීමට රුකුලක් වී තිබෙනවා. ඉස්ලාමීය අන්තවාදය පිළිබඳව සොයා බලන බුද්ධි නිලධාරීන් එකිනෙකා රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබූවොත් මෙම තත්වය පිටුදකින්නේ කෙසේ ද?”.
වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා මෙසේද සඳහන් කළේය.
“ස්වාමීනි… මෙම විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ප්‍රංශයට ගොස් එහි තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය භූමියට අසාද් මවුලානා නමැති වරෙන්තුකරු කැදවා ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබෙනවා. මේක සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක්. අසාද් මවුලානා යනු දේශපාලන සරණාගතභාවය අපේක්ෂාවෙන් සිටින පුද්ගලයෙක්. ඔහු ශ්‍රී ලංකාවේ අධිකරණය දැඩි අපහාසයට ලක්කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ අධිකරණය ඉහළ සිට පහලටම දූෂිත බව ප්‍රකාශ කර තිබෙනවා. මෙවැනි පුද්ගලයෙකු ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශයක් සටහන් කර ගත්තේ කෙසේද? මේක ලැජ්ජාවට කරුණක්. 2018 වසරේ පෙබරවාරි මස දිනක සුරේෂ් සලේ සහ සහරාන්ගේ කන්ඩායමක් අතර හමුවක් වනාතවිල්ලුව ප්‍රදේශයේ සිදුවූ බව අසාද් මවුලානා ප්‍රකාශ කර තිබූණා. මේක අමූලික බොරුවක්. ඒ අවස්ථාවේදී සුරේෂ් සලේ ශ්‍රී ලංකාවේ සිටියේ නෑ. ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය පරීක්ෂා කළාම ඒ බව පැහැදිලිව පෙනීයන කරුණක්.}”
වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා “රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා පාස්කු ප්‍රහාරය එල්ල වීමට පෙර දින සවස මෙම ප්‍රහාරය පිළිබඳව සදහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර එවක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා වෙත තමා වට්ස්ඇප් පණිවුඩයක් යවා තිබූ බව. රවී සෙනෙවිරත්න මහතා ජනක් ද සිල්වා කොමිසමට ලබාදුන් ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා සහරාන් හෂීම් ඇතුළු අනුගාමිකයින්ගේ අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත්ව සිටි බවට. එසේ නම් ඔහු පාස්කු ප්‍රහාරය වැළැක්වීමට කිසිදු පියවරක් නොගත්තේ ඇයි?” යනුවෙන් ප්‍රශ්න කර සිටියේය.
තවදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා “ස්වාමීනි… පෙත්සම්කාර සුරේෂ් සලේගේ මව කිතුනු භක්තික කාන්තාවක්. ඇය අධිකරණයට පැමිණ සිටිනවා. පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වූ දින ඇය නුගේගොඩ කිතුනු දේවස්ථානට ගොස් තිබුණා. ඇය දරුවන් තුන්දෙනෙකු යුද හමුදාවට භාරකර තිබෙනවා. ඔවුන් අද අධිකරණයට පැමිණ සිටිනවා. මෙම පෙත්සම්කරු සෑම අගහරුවාදා දිනකම සිය මව සමග ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයට යන කෙනෙක්. මෙවැනි පුද්ගලයකු කිතුනු දේවස්ථාන වලට පහරදීමට සැලසුම් කරයි ද? ස්වාමීනි..” යනුවෙන් සඳහන් කරසිටියේය.
පුරා දින හතක් තිස්සේ පැවැති පෙත්සම්කාර පාර්ශවයේ දේශන අද ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන විසින් අවසන් කළේය.
ඉන් අනතුරුව නිතී පතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් සඳහන් කළේ මෙම පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරිමට අපේක්ෂා කරන බවයි.
ඒ අනුව අදාළ මූලික විරෝධතා ලබන 27 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියට නියම කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart