
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට අදාළ සංස්කෘතික, සාම්ප්‍රදායික හා ඓතිහාසික උරුමයන්හි බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වූ විශේෂ ව්‍යාපෘති යෝජනාවක් පිළියෙල කිරීම පිණිස කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘බුද්ධිමය දේපළ හරහා උත්සව සංචාරක සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම’ නමැති ව්‍යාපෘතිය යටතේ මෙම පියවර ගැනීමට නියමිතය. දේශීය සංස්කෘතික උරුමයන්ට ගරුකරමින් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමත්, උත්සව සංවිධායකයින්ගේ ධාරිතාව වර්ධනය කිරීමත් එකී අන්තර්ජාතික ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.
සියවස් ගණනාවක් පුරා පාරම්පරිකව පැවත එන කලා ආකෘතීන් සහ දැනුමෙන් පෝෂණය වූ මහනුවර ඇසළ පෙරහැරේ අනන්‍යතාව රැකගැනීම සඳහා ‘ප්‍රකාශන හිමිකම ආරක්ෂාව’ සහ ‘වෙළෙඳ ලකුණු හා සන්නාමකරණය’ යන ක්ෂේත්‍ර කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමුකෙරේ.
ඒ අනුව, අදාළ ව්‍යාපෘති යෝජනාව සකස් කර WIPO සංවිධානය වෙත ඉදිරිපත් කිරීම සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයාගේ සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ සම-සභාපතිත්වයෙන් අදාළ පාර්ශ්ව නියෝජනය වන පරිදි විශේෂ කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart