
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නිව්යෝර්ක් නගරයේ සංචාරයක නිරත වුවහොත්, යුධ අපරාධ චෝදනා මත ඔහුව අත්අඩංගුවට ගන්නා බවට නිව්යෝර්ක් නගරාධිපති සොහ්රාන් මම්දානි එල්ල කළ තර්ජනය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
එක්සත් ජනපදයේ රැඳී සිටින කාලය තුළ නෙතන්යාහු කිසිදු අයුරකින් හෝ අත්අඩංගුවට නොගන්නා බවට ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කළේය.
නගරාධිපති මම්දානිගේ නම සෘජුව සඳහන් නොකරමින් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ජනාධිපතිවරයා මෙම ප්‍රතිඥාව ලබා දී ඇති අතර ඉරානයට එරෙහි යුද්ධයේදී ඊශ්‍රායලය ඇමෙරිකාවට ලබා දුන් සහාය ද එහිදී අගය කර තිබේ.
ලබන සැප්තැම්බර් මාසයේදී නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට අගමැති නෙතන්යාහු සහභාගී වුවහොත් ඔහුව අත්අඩංගුවට ගන්නේද යන්න පිළිබඳව තමාගේ පරිපාලනය තවදුරටත් සලකා බලමින් සිටින බව මම්දානි ප්‍රකාශ කර තිබුණි.
“අගමැති නෙතන්යාහු සිටිය යුත්තේ හේග් නුවර ජාත්‍යන්තර අධිකරණයේ බව මා විශ්වාස කරනවා,” යනුවෙන් එහිදී මම්දානි පැවසුවේය.
ගාසා තීරයට එරෙහිව සිදු කළ සංහාරයේදී යුධ අපරාධ සිදුකිරීමේ චෝදනාව මත ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් 2024 වසරේදී නෙතන්යාහුට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කරන ලදී.
“ඔහු ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින් චෝදනා ලබා සිටින යුධ අපරාධකරුවෙක්,” යනුවෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මම්දානි පෙන්වා දුන්නේ, පසුගිය වසර ගණනාව පුරා ඊශ්‍රායල අගමැතිවරයා සිදු කර ඇති ක්‍රියාකලාපය හමුවේ බොහෝ පිරිසක් දරන්නේද මෙවැනිම මතයක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart