
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය විසින් නිකුත් කරන ලද නවතම චක්‍රලේඛයක් හේතුවෙන් දිවයින පුරා විශේෂඥ වෛද්‍ය සේවා පවත්වාගෙන යාමට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත්, එමගින් සමස්ත සෞඛ්‍ය සේවා පද්ධතියම අඩපණ වීමේ අවදානමක් පවතින බවත් වෛද්‍ය වෘත්තීය සමිති අනතුරු හඟවයි.
වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරීවරයා විසින් ජූනි 26 වැනිදා සියලුම අධ්‍යයන අධ්‍යක්ෂ මණ්ඩල වෙත නිකුත් කරන ලද මෙම චක්‍රලේඛයට අනුව, විශේෂඥ වෛද්‍ය පුහුණුව නිමා කළද එම සහතිකය මෙතෙක් ලබාගෙන නොමැති වැඩබලන විශේෂඥ වෛද්‍යවරුන්ට ස්වාධීනව රෝගීන් පරීක්ෂා කිරීම, සායනික තීරණ ගැනීම හෝ තම විෂය පථයට අදාළ වෛද්‍ය නිර්දේශ නිකුත් කිරීම තහනම් කර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ, දැනටමත් මෙරට රෝහල් රැසක පවතින විශේෂඥ වෛද්‍ය හිඟය හමුවේ මෙම තීරණය සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැඩි අභියෝගයක් වී ඇති බවයි.
පවතින වෛද්‍ය හිඟයට පිළියමක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දේශීය පශ්චාත් උපාධි විශේෂඥ පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන්, වැඩබලන විශේෂඥ වෛද්‍යවරුන් ලෙස දිවයින පුරා පිහිටි මූලික රෝහල් සහ විශේෂඥ වෛද්‍ය ඒකක වෙත අනුයුක්ත කර සේවයේ යොදවා ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් සඳහන් කළේ මෙම නව උපදෙස් හේතුවෙන් වැඩබලන විශේෂඥ වෛද්‍යවරුන්ට සිය රාජකාරි ස්වාධීනව කරගෙන යාමට බාධා මතුවන අතර, එමගින් විශේෂඥ සෞඛ්‍ය සේවා සැපයීමට බලපෑම් එල්ල වන බවයි. එබැවින් රෝගී සේවාවන්ට සිදුවන බාධා වැළැක්වීම සඳහා මෙම චක්‍රලේඛය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව සියලුම විශේෂඥ සහ වැඩබලන විශේෂඥ වෛද්‍යවරුන් වෙත වහාම පැහැදිලි මාර්ගෝපදේශ නිකුත් කරන ලෙස ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart