July 21, 2026

තමන් විසින් නිවසේ ඇතිකරන කුකුළෙකු මරා ආහාරයට ගැනීම සම්බන්ධයෙන් කෝපයට පත් පුත්‍රයකු එල්ල කළ පිහි පහරකින් බරපතල තුවාල ලැබූ 65 හැවිරිදි පියකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබේ.

ලිඳුල පොලිස් බලප්‍රදේශයට අයත් මවුස්සඇල්ල වතුයායේ උඩ කොටසේ පිහිටි නිවසක මෙම සිදුවීම වාර්තා වී ඇත.

පොලිසිය සඳහන් කරන පරිදි, නිවසේ ඇතිකළ කුකුළකු එකී පුද්ගලයාගේ 65 හැවිරිදි පියා විසින් මස්කර ආහාරයට ගෙන තිබේ.

මේ හේතුවෙන් කෝපයට පත් පුතු සහ පියා අතර ඇති වූ උණුසුම් බහින්බස් වීම දුරදිග යෑමෙන් පසු, පුතු විසින් නිවසේ තිබූ පිහියක් ගෙන පියාට පිහියෙන් ඇන තිබේ.

පිහි පහරින් දැඩි ලෙස තුවාල ලැබූ පියා වහාම ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහරෝහල වෙත මාරුකර යවා ඇත.

සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පළාගොස් ඇති සැකකාර පුතු අත්අඩංගුවට ගැනීම සඳහා ලිඳුල පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.