
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විවිධ විෂ රසායනික ද්‍රව්‍ය යොදා අවිධිමත් ලෙස පළතුරු ඉදවීම වැළැක්වීම සහ එම ක්‍රියාවලිය නියාමනය කිරීම අරමුණු කරගත් විශේෂ සාකච්ඡාවක් අද (20) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැත්විණි.
විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහගේ කැඳවීමකට අනුව පැවති මෙම සාකච්ඡාවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් ඇතුළු නිලධාරීන් මෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ කාර්මික තාක්ෂණ ආයතනය ඇතුළු ආයතන රැසක නියෝජිතයෝ එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ කියාසිටියේ, විවිධ රසායනිකයන් යොදා අවිධිමත් ලෙස කෙසෙල්, අඹ, ගස්ලබු සහ අලිපේර වැනි පළතුරු ඉදවා වෙළෙඳපොළේ අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.
මෙලෙස විෂ රසායනික යොදා ඉදවන පළතුරු ආහාරයට ගැනීමෙන් මිනිස් සෞඛ්‍යයට සිදුවන බලපෑම පිළිබඳව නිසි පර්යේෂණ පවා නොමැති පසුබිමක, වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි නීතිමය තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඒ සඳහා අවශ්‍ය වන්නේ නම් පාරිභෝගික පනත සංශෝධනය කිරීමට ද සලකා බැලිය හැකි බව ඔහු ප්‍රකාශ කළේය.
මෙහිදී කෘෂි පර්යේෂණ නිලධාරීන් පෙන්වාදුන්නේ අන්තර්ජාතික වශයෙන් ද විද්‍යාත්මක පදනමක් මත කෘත්‍රිම පළතුරු ඉදවීමේ ක්‍රමවේද භාවිත කරන නමුත්, ශ්‍රී ලංකාවේ බොහෝ වෙළෙඳුන් සහ නිෂ්පාදකයන් පහසු සහ අවිධිමත් ක්‍රමවේදවලට හුරුවී සිටින බවයි.
එසේම, ආහාර පාලන පනතේ විධිවිධාන අනුව කිසිදු රසායනිකයක් හෝ ද්‍රාවණයක් පළතුරක් සමඟ ඍජුව ස්පර්ශ වීමට ඉඩ දිය නොහැකි බව ද ඔවුහු සඳහන් කළහ.
පළතුරු ඉදවීමට විෂ රසායනික භාවිත කර ඇත්දැයි තහවුරු කරගැනීම සඳහා ඉදිරියේදී සිදුකිරීමට නියමිත වැටළීම් ඉලක්ක කර ගනිමින්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත අවශ්‍ය රසායනාගාර පහසුකම් ලබාදීම පිළිබඳව ද මෙම මූලික සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart