
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පරිභෝජනයට නුසුදුසු බීජ වර්ගයක් අනුභව කිරීම නිසා අද (20) උදෑසන රෝගාතුර වූ කන්තලේ, කන්දලක්ෂ ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබන සිසුන් 22 දෙනෙකු රෝහල්ගත කර තිබේ.
වාර්තා වන ආකාරයට, එම පාසලේ 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු විසින් නිවසේ තිබී සූරියකාන්ත බීජ යැයි සිතා රැගෙන ආ බීජ වර්ගයක් පන්තියේ අනෙකුත් සිසුන් අතර බෙදා දී ඇත.
එම බීජ වර්ගය අනුභව කිරීමෙන් සුළු වේලාවකට පසු සිසුන් 20 දෙනෙකු සහ සිසුවියන් දෙදෙනෙකු ඇතුළු සිසුන් 22 දෙනෙකුට අසාත්මිකතාවයක් හෝ ආහාර විෂ වීමකට සමාන රෝග ලක්ෂණ මතු වී ඇති අතර, පසුව ඔවුන් වහාම රෝහල්ගත කර ඇත.
ඒ අතර සිටි සිසුන් පස්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහල වෙත මාරු කර යවා ඇති බව ද වාර්තා වේ.
මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අදාළ සිසුවා නිවසේ සිට නිතරම සූරියකාන්ත බීජ පාසලට රැගෙන විත් යහළුවන් අතර බෙදා දෙන අතර, මෙවර සූරියකාන්ත බීජ වෙනුවට වැරදීමකින් ඊට සමාන ස්වරූපයක් ඇති වෙනත් බීජ වර්ගයක් රැගෙන විත් ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart