July 20, 2026

මෙරට කාන්තාවන්ට හා පිරිමින්ට සිය ලිංගිකත්වය වෙනස් කර ගැනීමට අවසර දෙමින් නිකුත් කර තිබෙන චක්‍රලේඛ බලරහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මෙන්ම වත්මන් ජරාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික ආබාධිත බලපත්ති නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.