
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ තරුණ පරපුර විසින් මෙහෙයවනු ලබන ‘කැරපොත්තන්ගේ ව්‍යාපාරයේ’ (Cockroach Movement) ආධාරකරුවන් සිය ගණනක්, පොලිස් අවසරය නොතකා අද (20) නව දිල්ලි අගනුවරදී පාර්ලිමේන්තුව දෙසට විරෝධතා පාගමනක් ආරම්භ කර තිබේ. විභාග ප්‍රශ්න පත්‍ර කාන්දු වීමේ සිදුවීම්වලට වගකිවයුතු අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ ඉල්ලා අස්වීම ඔවුහු මෙහිදී බලකර සිටිති.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ තුන්වැනි ධුර කාලය තුළ එල්ල වූ දැවැන්තම මහජන අභියෝගය ලෙස සැලකෙන මෙම ව්‍යාපාරය, සමාජ මාධ්‍ය ඔස්සේ මිලියන සංඛ්‍යාත පිරිසකගේ අවධානය දිනාගෙන ඇත. ඉකුත් මැයි මාසයේදී සිසුන් මිලියන 2කට අධික පිරිසකට බලපෑ ජාතික වෛද්‍ය විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රශ්න පත්‍ර කාන්දු වීමත් සමඟ මෙම ‘කොක්රෝච් ජනතා පක්ෂ (CJP)’ ව්‍යාපාරය ආරම්භ විය.
පසුගිය සෙනසුරාදා දින මාරාන්තික උපවාසයක නිරතව සිටි ක්‍රියාකාරිකයකු වන සෝනම් වන්චුක් පොලිසිය විසින් බලහත්කාරයෙන් රෝහල් ගත කිරීමත් සමඟ මෙම තත්ත්වය තවදුරටත් උණුසුම් විය. පාර්ලිමේන්තුවේ වර්ෂාකාල සැසිවාරය ආරම්භ වන අද දිනයේදී විශාල පිරිසක් දිල්ලි නුවර ජන්තර් මන්තර් වෙත පැමිණෙමින් සිටිති. තත්ත්වය පාලනය කිරීම සඳහා කැරලි මර්දන පොලිසිය සහ අර්ධ මිලිටරි බලකායන් ද ආරක්ෂාවට යොදවා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ 21 හැවිරිදි සිසුවකු වන ආදි නාදන් පැවසුවේ, “බලයේ සිටින නායකයන් නූගත් අයයි. ප්‍රශ්න පත්‍ර කාන්දු වීම් නිසා අපේ අනාගතය නැති වෙනවා. මේ දූෂණය නතර විය යුතුයි” යනුවෙනි. ඉන්ස්ටග්‍රෑම් ජාලය ඔස්සේ මිලියන 22ක අනුගාමිකයන් පිරිසක් දිනාගත් මෙම ව්‍යාපාරයට මේ වන විට විපක්ෂ දේශපාලන පක්ෂවල සහාය ද ලැබෙමින් පවතී.
මේ අතර රෝහල්ගත කර සිටින සෝනම් වන්චුක් පවසා ඇත්තේ, ප්‍රශ්න පත්‍ර කාන්දු වීම් සම්බන්ධයෙන් රජය වගකීම භාර ගන්නේ නම් හෝ විරෝධතාකරුවන්ට පාර්ලිමේන්තුව වෙත යෑමට ඉඩ දී ඔවුන්ගේ ගැටලු සභාගැබ තුළ සාකච්ඡා කරන බවට මන්ත්‍රීවරුන් සහතික වන්නේ නම් පමණක් තමා උපවාසය අවසන් කරන බවයි. ඉහළ විරැකියා අනුපාතය සහ විභාග වංචා හේතුවෙන් ඉන්දීය තාරුණ්‍යය දැඩි කලකිරීමකට පත්ව සිටින බව දේශපාලන විචාරකයෝ පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart