
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විශේෂ විමර්ශනයක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් ආරම්භ කර තිබේ. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් බස්නාහිර පළාත් දකුණු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර වෙත ලබාදුන් විශේෂ නියෝගයකට අනුව මෙම විමර්ශන ක්‍රියාත්මකය.
‘දිනමිණ’ පුවත්පතට අනුව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, සී.ඩී.වික්‍රමරත්නගේ මරණය වෙඩි වැදීමකින් සිදුව ඇති බව පැහැදිලිවම පෙනෙන්නට තිබුණද, එය වෙඩි තබා ගැනීමක් ද නැතහොත් අත්වැරදීමකින් ගිනි අවිය පත්තුවීමක් ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවයි.
ඒ පිළිබඳ නිශ්චිත තොරතුරු ඉදිරියේදී රජයේ රසපරීක්ෂක වාර්තාව සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මඟින් අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පොලිස් විමර්ශනවලට අනුව, හිටපු පොලිස්පතිවරයාගේ පපු ප්‍රදේශයට වෙඩි වැදී ඇති අතර, සිරුර හරහා ගිය වෙඩිල්ල අසල පුටුවක වැදී තිබේ.
මෙම අනතුර සිදුව ඇත්තේ ඔහුගේ ආරක්ෂාව සඳහා නිවසේ යොදවා සිටි පොලිස් සැරයන්වරයාගේ ගිනි අවියෙනි.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ අදාළ සැරයන්වරයා පවසා ඇත්තේ, හිටපු පොලිස්පතිවරයා ව්‍යායාම් කිරීම සඳහා පාපැදියෙන් පිටත්ව යාමට නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී තමා සතු ගිනි අවිය පරීක්ෂා කිරීම සඳහා ඉල්ලා සිටි බවයි. තමා ගිනි අවිය ලබාදුන් පසු, වතුර බෝතලයක් රැගෙන එන ලෙස හිටපු පොලිස්පතිවරයා තමාට දැනුම්දුන් බවත්, ඒ අනුව තමා නිවස තුළට ගිය අවස්ථාවේදී වෙඩි ශබ්දයක් ඇසුණු බවත් සැරයන්වරයා පවසා ඇත.
සිද්ධිය වන අවස්ථාවේදී හිටපු පොලිස්පතිවරයාගේ බිරිඳ සහ බාල පුත්‍රයා නිවස තුළ සිට ඇති අතර, වෙඩි ශබ්දය ඇසී ඔවුන් පිටතට පැමිණෙන විට හිටපු පොලිස්පතිවරයා වෙඩි වැදී බිම වැටී සිට ඇති බවත්, ගිනි අවිය ද ඒ අසල බිම තිබී ඇති බවත් පොලිසිය පවසයි.
මේ අතර, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහ ආචාර මධ්‍යයේ අද (20) දින සිදුකිරීමට නියමිතව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart