
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන වසර 15කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පුද්ගලයකුට ඇප ලබාදීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ. නඩු විභාගයකින් තොරව මෙලෙස දීර්ඝ කාලයක් රඳවා තබාගැනීම, ඔහු නිදහස් කිරීමට තරම් ප්‍රමාණවත් ‘සුවිශේෂී තත්ත්වයක්’ වන බව අධිකරණය මෙහිදී තීන්දු කළේය.
අදාළ විත්තිකරු ඇප ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කරන විට වසර 15ක පමණ කාලයක් බන්ධනාගාරගතව සිටි බව පෙන්වාදුන් අධිකරණය, ඔහු අත්අඩංගුවට ගන්නා විට වයස අවුරුදු 26ක තරුණයෙකුව සිටි බවත්, නඩු විභාගයක් අපේක්ෂාවෙන් ඔහුගේ තාරුණ්‍යයේ වටිනාම කාලය සිරගෙදර ගත කිරීමට සිදුව ඇති බවත් සඳහන් කළේය.
දීර්ඝ කාලයක් තිස්සේ විභාග වෙමින් පවතින මෙම ත්‍රස්තවාදී නඩුවේ තුන්වන විත්තිකරු වන තම්බයියා ප්‍රකාශ් නොහොත් ධනුෂ් නැමැත්තාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණය ලබා දී තිබූ නියෝගය ඉවත ලමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබාදුන්නේය. මෙම තීන්දුව ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ පී. කුමාරරත්නම් යන විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත්කරන ලදී.
2009 අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගත් මෙම විත්තිකරුට එරෙහිව 2012 සැප්තැම්බර් මාසයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීති රෙගුලාසි යටතේ අධිචෝදනා ගොනුකර ඇත. එම අධිචෝදනා පත්‍රයට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා 115ක් සහ හදිසි නීති රෙගුලාසි යටතේ තවත් චෝදනා 115ක් ඇතුළුව චෝදනා 230ක් ඇතුළත් වන අතර පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 106 දෙනෙකු නම්කර තිබේ.
ඒ අනුව, දැඩි කොන්දේසි මත විත්තිකරුට ඇප ලබාදීමට අධිකරණය නියෝග කළේය. රුපියල් 200,000ක මුදල් ඇපයක්, රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇපකරුවන් සිව්දෙනකු, සෑම සති දෙකකට වරක් පොලිස් මූලස්ථානයේ ත්‍රස්තවාද විරෝධී සහ විමර්ශන කොට්ඨාසය වෙත වාර්තා කිරීම සහ විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදීම ඊට ඇතුළත් වේ. මෙම ඇප කොන්දේසි උල්ලංඝනය කළහොත් ඇප අවලංගු කරන බවට ද අධිකරණය අනතුරු ඇඟවීය.
2022 සංශෝධන මගින් පාර්ලිමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට 15B වගන්තිය ඇතුළත් කරමින්, සුවිශේෂී තත්ත්වයන් යටතේ ඇප ලබාදීමට අධිකරණයට බලය පවරා තිබුණද, මහාධිකරණය ඇප ප්‍රතික්ෂේප කිරීමේදී එම සංශෝධනයේ ව්‍යවස්ථාදායක අරමුණ නිවැරදිව සලකා බලා නොමැති බව අභියාචනාධිකරණය නිරීක්ෂණය කළේය.
විත්තිකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ දියණියගේ වයස අවුරුදු එකක් පමණක් වූ බවත්, මෙම දීර්ඝකාලීන රඳවා තැබීම හේතුවෙන් එම මුළු කාලය පුරාම ඔහුගේ පවුලේ අයට ඔහුගේ රැකවරණය සහ ආරක්ෂාව අහිමි වී ඇති බවත් තීන්දුවේ වැඩිදුරටත් සඳහන් විය.
විත්තිකරු වෙනුවෙන් නීතිඥ අරුණ මධුශංක සමඟ නීතිඥ අස්තික දේවේන්ද්‍ර පෙනී සිටි අතර, නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අනූපා ද සිල්වා පෙනීසිටියාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart