
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකාවේ ෆුට්බෝල් පිස්සන්ට මෙන්න සුපිරිම ආරංචියක්. තමන් කැමතිම රටවල් දෙකක් ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරඟයේදී එකිනෙකාට එරෙහිව සටන් වදින හැටි, යාළුවෝ සෙට් එකත් එක්ක ලොකු ස්ක්‍රීන් එකකින්, මුහුදු හුළං පාරක් වදින ගමන් බලන්න ආසද? අන්න ඒ වගේ සුපිරිම අත්දැකීමක් ලබලා දෙන්න දැන් වැඩකටයුතු ලෑස්තියි.
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය එකතු වෙලා මේ එන ඉරිදා රෑ කොළඹ ගාලු ගෝල්ෆේස් පිටියේදී මේ දැවැන්ත මහජන සජීවී විකාශය සංවිධානය කරලා තියෙනවා.
ලැබුණු ආරංචි විදිහට එදාට ගෝල්ෆේස් පිටිය නිකන්ම නිකන් ස්ක්‍රීන් එකක් විතරක් නෙවෙයි, සැබෑ ක්‍රීඩාංගණයක් වගේ වෙන්නයි යන්නේ.
සංවිධායකයෝ කියන්නේ එදාට එනකොට තමන් කැමතිම කණ්ඩායම්වල ජාතික කොඩිත් අරගෙන, උපරිම ජයඝෝෂා නඟන්න සෙට් වෙන්න කියලයි. එතකොට වෙලාව? හවස 6.00 ඉඳන්ම වැඩේ පටන් ගන්නවා.
වැදගත්ම දේ තමයි මේ මුළු ඉවෙන්ට් එකම මහජනතාවට සම්පූර්ණයෙන්ම සතයක්වත් අය නොකර, නොමිලේමයි විවෘත වෙන්නේ. ලංකාවේ වටෙන්ම ඉන්න ෆුට්බෝල් ලෝලීන් මේ තරඟාවලියේ ලොකුම සටන බලන්න එදාට ගාලු මුවදොර පිටියට එකතු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් තව මොනවාද හිතන්නේ? යාළුවෝ සෙට් එකට දැන්ම මැසේජ් එකක් දාලා ඉරිදාට ගාලු ගෝල්ෆේස් යන්න ලෑස්ති වෙන්න.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart