
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස බලකරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන අගෝස්තු 5 වැනිදා සිට රට පුරා දැවැන්ත මහජන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පාකිස්තාන තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර තිබේ.
එදිනට හිටපු අග්‍රාමාත්‍යවරයා සිරගත කර වසර තුනක් සපිරේ.
ෆෙඩරල් අගනුවර පිහිටි කයිබර් පක්තුන්ක්වා මන්දිරයේදී පක්ෂයේ අන්තර්වාර සභාපති බැරිස්ටර් ගෝහර් අලි ඛාන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත.
මෙම හමුවේදී PTI පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂයේ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
මේ පිළිබඳව ‘ඩෝන්’ පුවත්පත වෙත අදහස් දැක්වූ PTI පක්ෂයේ මහලේකම් සල්මන් අක්‍රම් රාජා ප්‍රකාශ කළේ, මහජන රැලි, විරෝධතා සහ දැවැන්ත පාගමනක් ඇතුළත් මෙම ජනතා ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා අගෝස්තු 5 වැනිදා තෝරාගත් බවයි.
“ප්‍රහාරාත්මක විරෝධතා සැලසුම් සහ සෙසු ක්‍රියාමාර්ග අවසන් කිරීමට පෙර මහමුද් ඛාන් අචක්සායි සහ අල්ලාමා රාජා නසීර් අබ්බාස් යන මහත්වරුන්ගේ ද අදහස් ලබා ගැනීමට මෙහිදී තීරණය වුණා,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
පසුව පැවැති මාධ්‍ය හමුවකදී බැරිස්ටර් ගෝහර් අලි ඛාන් කියා සිටියේ, හිටපු අග්‍රාමාත්‍යවරයාගේ සහ ඔහුගේ බිරිඳ වන බුෂ්රා බිබීගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ද මෙම රැස්වීමේදී සාකච්ඡා වූ බවයි.
PTI පක්ෂයේ නිර්මාතෘවරයා සිරගත කර වසර තුනක් සපිරීම නිමිත්තෙන් එදිනට දිවයින පුරා දැවැන්ත විරෝධතා රැලි පවත්වන බව ඔහු අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart