
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්රමික බලකායේ (බන්ධ පොලිස්) නිලධාරීන් 10ක් සහ රැඳවියන් 21 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකරණය හමුවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත නඩු විභාගය සහ දඬුවම් නියම කිරීම වළක්වාලන නියෝගයක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාතිලක මහතා ඊයේ (16දා) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එකම සිද්ධියක් සම්බන්ධයෙන් නඩු විභාග දෙකක් පවත්වා දඬුවම් නියම කිරීම සුදුසු නොවන බවත් මේ නඩුව දැනට පවරා විමර්ශන සිදුකෙරෙන බැවින් බන්ධනාගාර අධිකරණයෙන් සිදුකිරීමට නියමිත නඩු විභාගය අවශ්‍ය නොවන බවත් එහිදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පැවසීය. එලෙසම ඉදිරි දිනයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපතිවරයා ද නඩුවට කරුණු දැක්වීමක් කරන බව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේය.
එහිදී ප්‍රධාන මහෙස්ත්‍රාත් ශීලනී පෙරේරා සඳහන් කළේ බන්ධනාගාර පනත ප්‍රකාරව ඊට බන්ධනාගාරයට බලය ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සොයාබලා ඉදිරි දිනයේදී ඊට අවශ්‍ය නියෝගයක් නිකුත් කරන බවයි. එහිදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා බන්ධනාගාරයට සිදුවූ හානිය සම්බන්ධයෙන් අපරාධ ස්ථානය පිළිබඳව මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ඩ්‍රෝන පරීක්ෂණයක් සිදුකරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
ඉකුත් 05 සහ 06 යන දෙදින මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ අංශයේ සහකාර පොලිස් පරීක්ෂක කළුආරච්චි ඇතුළු නිලධාරීහු පිරිසක් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු දැක්වූහ.
සංජු දිල්රුක්ෂාන් නැමැති සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ මරණ පරීක්ෂණයේ සාක්ෂි කැඳවීම ජූලි 11 දා මාලිගාකන්ද අධිකරණය හමුවේ පැවැත්වූ බවත් එහිදී සිරුරෙන් සොයාගත් උණ්ඩ කොටසක්, ඇඳුම් සහ ලේ සාම්පල නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ එම නඩු භාණ්ඩ නිසි ලෙස නඩු භාණ්ඩ කාමරයේ තැන්පත් කරන ලෙසයි.
පෙර දිනයේ නියෝග පරිදි සිද්ධියෙන් මියගිය සම්පත් පුෂ්පකුමාර, හර්ෂ ප්‍රියංකර සහ දනිදු හෂ්මික යන අයගේ මරණ පරීක්ෂණවල සාක්ෂි කැඳවීම සිදුකෙරිණි. එහිදී මරණකරුවන්ගේ ඥාතීහු වන සුරංජි ප්‍රනාන්දු, නිරූපා රෝෂානි මනෝජ් ප්‍රියංගිකා, නිමාලි ශිරන්ති සහ ජයලත් පෙරේරා යන අය සාක්ෂි ලබාදුන්හ.
නිලධාරීන් ඇතුළු 287 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 14දා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.
එහිදී එම නිලධාරීන් සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් හඳුනාගන්නා සියලුම සැකකරුවන්ට මිනීමැරුම් චෝදනා යටතේ, ගිනි අවි ආඥා පනත යටතේ සහ පොදු දේපළ පනත යටතේ නඩු පවරන බවයි. දණ්ඩ නීති සංග්‍රහයේ 102, 113, 146, 186, 300, 315, 316, 317, 344 සහ ඉහත පනත් යටතේ වැරදි සිදුව ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේය.
නිලධාරීන් ඉල්ලා සිටි සියලුම නියෝග මහෙස්ත්‍රාත්වරිය නිකුත් කළාය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය විමර්ශන ප්‍රගතිය 23 වැනිදා ඉදිරිපත් කරන ලෙසත් ජාතික රෝහලේදී මියගිය රැඳවියාගේ සහ නිලධාරීන් දෙදෙනාගේ මරණ පරීක්ෂණ සම්බන්ධයෙන් සහ මෙතෙක් සාක්ෂි කැඳවා නැති මරණ සම්බන්ධයෙන් සාක්ෂි කැඳවීමට සූදානම් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
බන්ධනාගාරය වෙනුවෙන් පෙනීසිටි සැරයන් මුදිත රොහාන් සියලු රැඳවියන්ගේ වෛද්‍ය වාර්තා ලබාගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටි අතර එම නියෝගය ජූලි 9 දා නිකුත් කර ඇති බව මහෙස්ත්‍රාත්වරිය පැවසුවාය.
මාරුකළ රැඳවියන් සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරිය බන්ධනාගාරයට නියෝග කළ අතර ඒ සම්බන්ධයෙන් සංඛ්‍යාත්මක වාර්තාවක් ඉදිරිපත් කළ බවත් සවිස්තරාත්මක වාර්තාව ඉදිරියේදී නිකුත් කරන බවත් බන්ධනාගාරය සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart