
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ඊයේ (16දා) මහජන ප්‍රවාහන සේවා රියදුරන් ඉලක්ක කර ගනිමින් සිදුකළ විශේෂ හදිසි මත්ද්‍රව්‍ය පරීක්ෂාවකදී, මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බස් රථ රියදුරන් සිව්දෙනකු (04) හඳුනාගෙන තිබේ.
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ‘මාර්ග ආරක්ෂණ සැලැස්ම’ යටතේ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලදී. එහිදී එම ආයතනයේ විශේෂ ජංගම රසායනාගාර බස් රථය තුළදී වෛද්‍ය එන්. ඒ. අබේසේකරගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම පරීක්ෂණ සිදුකරනු ලැබීය.
ඊයේ පෙරවරුවේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහනේදී බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඇතුළු 150කට ආසන්න පිරිසක් මත්ද්‍රව්‍ය පරීක්ෂාව සඳහා භාජනය කෙරිණි.
පොදු ප්‍රවාහන සේවය තුළ විනයගරුක සහ මත්ද්‍රව්‍යවලින් තොර සේවක පිරිසක් බිහිකිරීම සඳහා රට පුරා ක්‍රියාත්මක කෙරෙන දීපව්‍යාප්ත වැඩපිළිවෙළක කොටසක් ලෙස මෙම පරීක්ෂාව සිදුකෙරෙයි.
ප්‍රවාහන අමාත්‍යාංශය අවධාරණය කරන්නේ මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ මාර්ග අනතුරු අවම කර රියදුරන් අතර විනය ඇති කිරීම බවයි.
මෙහිදී මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වන රියදුරන්ට එරෙහිව ආයතනික රෙගුලාසි යටතේ උපරිම දඬුවම් පමුණුවන අතරම, පොදු මහජන නීතිය යටතේ දැඩි නීතිමය ක්‍රියාමාර්ග ද ගන්නා බව අමාත්‍යාංශය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart