
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව මෙහෙයවන මාර්ගගත (online) මූල්‍ය වංචා සහ නීතිවිරෝධී සූදු මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බවට අන්තර්ජාතික ජනමාධ්‍ය වාර්තා කර තිබුණද, ඊට අදාළ ‘සූදු නියාමන අධිකාරිය’ බලාත්මක කිරීමට අවශ්‍ය රෙගුලාසි පැනවීමට රජය මෙතෙක් අපොහොසත් වී තිබේ.
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ නවතම රැස්වීමේදී මේ පිළිබඳව කරුණු අනාවරණය විය.
නියාමනයක් නොමැතිවීම හේතුවෙන් අන්තර්ජාලය හරහා සහ භෞතිකව සිදුවන නීතිවිරෝධී සූදු ව්‍යාපාර හරහා රජයට ලැබිය යුතු විශාල බදු ආදායමක් රටට අහිමි වෙමින් පවතින බව එහිදී අවධාරණය කෙරිණි.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සූදු නියාමන අධිකාරියේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියේ මෙම ආයතනය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය රෙගුලාසි මෙතෙක් බලාත්මක නොකළේ මන්ද යන්නයි.
මෙම රෙගුලාසි අදියර කිහිපයක් යටතේ පැනවිය යුතුව තිබූ අතර, එහි පළමු රෙගුලාසි මාලාව 2026 ජූනි 30 වැනිදා වන විට බලාත්මක කිරීමට නියමිතව තිබිණි.
සැලසුම් කළ දිනය ඉකුත් වී ඇතත්, මෙතෙක් කිසිදු රෙගුලාසියක් බලාත්මක කිරීමට පියවර ගෙන නොමැති බව කාරක සභාවේදී හෙළිවිය.
කෙසේවෙතත්, එහි සිටි නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, කැසිනෝ වැනි සූදු ව්‍යාපාර නියාමනය කිරීම සඳහා වන රෙගුලාසි මාලාවක් මේ වන විට කෙටුම්පත් කර අවසන් කර ඇති බවයි.
සිංගප්පූරුව ඇතුළු රටවල් තුනක පවතින සාර්ථක නියාමන පද්ධති ආදර්ශයට ගනිමින් සකස් කළ මෙම රෙගුලාසි, මේ වන විට විශේෂඥ මණ්ඩලයක සමාලෝචනය සඳහා යොමුකර ඇති බව ඔවුන් පවසා ඇත.
නව රෙගුලාසි මඟින් බලපත්‍ර නිකුත් කිරීම, මාර්ගගත සූදු (Online Gaming) පාලනය සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ දැඩි පියවර ඇතුළත් කිරීමට නියමිතය.
මේ සඳහා උපදෙස් ලබාදීමට ලබන මාසයේදී (අගෝස්තු) එක්සත් රාජධානියේ විශේෂඥයකු මෙරටට පැමිණීමට නියමිත අතර, මුදල් විශුද්ධිකරණ විරෝධී රාමුව ශක්තිමත් කිරීම සඳහා ‘EU Global Facility’ ආයතනයේ සහායද හිමිවන බව නිලධාරීන් වැඩිදුරටත් කාරක සභාව හමුවේ පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart