July 17, 2026

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ Jaffna Kings කණ්ඩායමේ හිමිකරුවකු, තරග පාවාදීමේ Match-fixing චෝදනා මත ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ වැරදි වැළැක්වීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලිය අද (17දා) නිල වශයෙන් ආරම්භ වීමට නියමිතව තිබියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව පොලීසිය තහවුරු කළේය.

ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළව සිදුව ඇති බව කියන දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන පුළුල් විමර්ශනයක කොටසක් ලෙස, යාපනය කිංග්ස් කණ්ඩායමේ හිමිකරුවකු වන මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

(Newswire.lk)