
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ මහ නගර සභාවේ වසර 15ක කාලයක් තිස්සේ සිදුව ඇතැයි සැලකෙන මහාපරිමාණ දූෂණ හා වංචා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා එහි හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක අද (17) ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන අංශය හමුවේ පෙනීසිටීමට නියමිතය.
කොමිසමේ ලේකම්වරයා විසින් කරන ලද නිල දැනුම්දීමට ප්‍රතිචාර දක්වමින් තමන් අද දින කොමිසම හමුවට පැමිණෙන බව හිටපු නගරාධිපතිනිය තහවුරු කර ඇත.
2010 සිට 2025 දක්වා කාලය තුළ කොළඹ මහනගර සභාව තුළ සිදුවූ අක්‍රමිකතා රැසක් පිළිබඳව මෙහිදී ඇයගෙන් ප්‍රශ්න කිරීමට නියමිත අතර, ඒ අතරින් පහත කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමුවනු ඇත.
– 2022 වසරේ රටේ පැවති දැඩි ආර්ථික අර්බුදකාරී සමයේ කොළඹ අඩු ආදායම්ලාභී ජනතාවට සතොසින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ලබාදුන් වවුචර්පත් බෙදාහැරීමේදී සිදුව ඇති බව කියන මූල්‍ය වංචාව.
– නාගරික මන්ත්‍රීවරුන් සඳහා වාහන නැවැත්වීමේ ඉඩකඩ වෙන් කිරීමේ ක්‍රියාවලියේදී සිදුව ඇති බවට අනාවරණය වී ඇති දූෂණ ක්‍රියා.
– නගර සභාවට අයත් නිශ්චල හා චංචල දේපළ කුලියට හෝ බද්දට දීමේදී සිදුවූ අක්‍රමිකතා, නීතිවිරෝධී බඳවා ගැනීම් සහ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම්.
කොළඹ මහ නගර සභාවේ සිදුවූ මෙම දූෂණ ක්‍රියා හේතුවෙන් රජයේ වත්කම්වලට සහ ආදායමට සිදුවූ බරපතළ අලාභයන් සෙවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත්කරන ලදී.
1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනත ප්‍රකාරව 2025 දෙසැම්බර් 30 වැනි දින නිකුත් කළ අංක 2469/08 ගැසට් පත්‍රය මඟින් මෙය ස්ථාපිත කර ඇත.
කොළඹ 03, ගාලු පාරේ පිහිටි මෙම කොමිෂන් සභාවේ නිල කාලය පසුගිය ජූනි 29 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුණද, විමර්ශන කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා එහි සේවා කාලය මෙම වසරේ (2026) දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart