
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහගේ පන්දු යැවීමේ ඉරියව්ව එංගලන්තයේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර්ට සමාන කරමින් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වූ වීඩියෝවකට ජොෆ්රා ආචර් විසින්ම ඉහළ ප්‍රශංසාවක් ලබා දී තිබේ.
මෙම රසවත් සිදුවීම ආරම්භ වූයේ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම විසින් චමිඳු පුහුණුවීම්වල නිරත වන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමත් සමඟයි.
එහිදී ඔවුන් ප්රේක්ෂකයන්ගෙන් විමසා සිටියේ චමිඳුගේ පන්දු යැවීමේ ඉරියව්ව ‘එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයෙක්’ මතක් කරන්නේද යන්නයි.
මීට ප්‍රතිචාර දක්වමින් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ චමිඳුගේ සගයෙකු වන ඩේවිඩ් වීසි, ආචර්ව ද ටැග් (Tag) කරමින් සටහන් කර තිබුණේ, “මම ඔය ඉරියව්ව ඕනෑතරම් දැකලා තියෙනවා,” යනුවෙනි.
ඩේවිඩ් වීසිගේ එම කමෙන්ටුවට සෘජුවම පිළිතුරු සපයමින් ජොෆ්රා ආචර් ලියා තිබුණේ, “මා දැකපු හොඳම එක” (Best one I’ve seen) යනුවෙනි.
2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලිය ආරම්භ වීමට නියමිතව තිබියදී ක්‍රීඩකයන් අතර ඇති වූ මෙම සුහදශීලී සංවාදය මේ වන විට ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව ඇත.
(Newswire.lk)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart