
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බැංකොක් නුවර සිට ගමන් මලු තුළ සඟවාගෙන නීතිවිරෝධී ලෙස මල් පැල තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන ආ ශ්‍රී ලාංකික කාන්තාවක කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL 403 දරන ගුවන් යානයෙන් බැංකොක් සිට පැමිණි මෙම මගියා, ගුවන් තොටුපොළ රේගුවේ හරිත මඟ හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන් සහ ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර ඇත.
1993 අංක 35 දරන ශාක ආරක්ෂණ පනතට අනුව, ශ්‍රී ලංකාවට ශාක හෝ ඒවායේ කොටස් ආනයනය කිරීමේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වලංගු බලපත්‍රයක් තිබීම අනිවාර්ය වේ.
එමෙන්ම, අදාළ ශාක පළිබෝධකයන්ගෙන් තොර බවටත්, සියලුම නිරෝධායන කොන්දේසි සපුරා ඇති බවටත් තහවුරු කරමින් අපනයනය කරන රට විසින් නිකුත් කරන ලද නිරෝධායන සහතිකයක් ද ඉදිරිපත් කළ යුතු බව රේගුව පෙන්වාදෙයි.
මෙම අවශ්‍යතාවලින් බැහැරව සිදුකරන ඕනෑම ශාක ආනයනයක් නීතිවිරෝධී ක්‍රියාවක් වන අතර, එය රේගු ආඥාපනත යටතේ ද වරදක් වන බව රේගු නිලධාරීහු අවධාරණය කරති.
රේගු විමර්ශනවලින් අනතුරුව, අදාළ මල් පැල තොගය රාජසන්තක කර ඇති අතර එම මගියාට දඩ මුදලක් ද පනවා තිබේ.
රාජසන්තක කරන ලද මල් පැල තොගය විනාශ කිරීම සඳහා ගුවන් තොටුපොළ ශාක නිරෝධායන කාර්යාලය වෙත භාර දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart