
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2022 වසරේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දේශපාලන හා ආර්ථික අර්බුදකාරී සමයේදී රටේ නායකත්වය භාරගැනීම සඳහා තමන් පළමු තේරීම නොවූ බවත්, සෙසු පිරිස් එම වගකීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී තමන් ඊට ඉදිරිපත් වූ බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
පසුගියදා පැවැති උත්සවයකදී අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ, තමන් ජනාධිපති ධුරයට පත්වූ පසුබිම සිහිපත් කළේය. එහිදී ඔහු කියා සිටියේ ඒ වන විට එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ එකම එක අසුනක් දක්වා සීමා වී තිබූ බවයි.
“මම සමහර විට හතරවැනි තේරීම වෙන්න ඇති. නමුත් මම හිතුවා මෙය කළමනාකරණය කරගත හැකියි කියලා. ඒ වගේම අපි ඉදිරියට ගිහින්, ආර්ථිකය ස්ථාවර කරලා, මේක විසඳගන්න ඕනේ කියලා මම හිතුවා” යැයි ඔහු පැවසීය.
එම ධුරය භාරගැනීම සඳහා තමන්ට සුවිශේෂී සූදානමක් අවශ්‍ය නොවූ බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.
“ඔබට මේ සඳහා සූදානම් වෙන්න බැහැ. ඔබ ඒ සඳහා නිරන්තරයෙන්ම සූදානමින් සිටිය යුතුයි, වගකීම භාරගත යුතුයි. ඔබ ඒකට සූදානම් නැත්නම්, ඔබ මේ දේශපාලන ක්‍රීඩාවේ රැඳීසිටිය යුතු නැහැ” යැයි රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
රට දැඩි අර්බුදයකට ලක්ව තිබූ මොහොතක වෙනත් කිසිදු දේශපාලන නායකයෙකු ඉදිරියට පැමිණීමට අකමැති වූ බැවින් තමන් එම වගකීම භාරගත් බව හිටපු ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
එහිදී සිය මූලිකම ප්‍රමුඛතාව වූයේ ආර්ථිකය ස්ථාවර කිරීම සහ විශ්වාසය නැවත ගොඩනැඟීම බවත්, ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාම සඳහා පාර්ලිමේන්තු සහාය උපයෝගී කරගත් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart