
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නාලන්දා විද්‍යාලයීය ශතසංවත්සර ව්‍යාපෘතියේ දෙවැනි අදියර යටතේ ඉදිවන ‘නාලන්දා ස්පෝර්ට්ස් ඇරීනා” (Nalanda Sports Arena) ක්‍රීඩා සංකීර්ණය වෙනුවෙන් ප්රමුඛ පෙළේ ව්‍යාපාරික මෙන්ම පරිත්‍යාගශීලියකු වන ඉංජිනේරු නහීල් විජේසූරියගෙන් රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක් ලැබී ඇති බව නාලන්දා විද්‍යාලයීය විද්‍යාලයීය සියවස් ව්‍යාපෘති කමිටුව නිවේදනය කරයි.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන විජේසූරිය විසින් සිදුකළ මෙම දායකත්වය, නාලන්දා ශතසංවත්සර ව්‍යාපෘතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවත්, නව ක්‍රීඩාංගණ සංකීර්ණයේ සංවර්ධන කටයුතු සඳහා එය විශාල ශක්තියක් වන බවත් සියවස් ව්‍යාපෘති කමිටුව සඳහන් කරයි.
නහීල් විජේසූරිය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රයේ දියුණුව වෙනුවෙන් මෙලෙස විශාල වශයෙන් පරිත්‍යාගයන් සිදුකිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන අයෙකි.
මේ වසරේ මුල් භාගයේදී ද ඔහු විසින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අනාගත සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 3ක දැවැන්ත පරිත්‍යාගයක් සිදුකළ බව එම විද්‍යාලය නිවේදනය කර තිබිණි.
මීට අමතරව, ඔහු මීට පෙර ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ බිෂොප් විද්‍යාලය ඇතුළු මෙරට ප්රමුඛ පෙළේ පාසල් රැසක සංවර්ධන කටයුතු සඳහා ද දායකත්වය ලබා දී ඇත.
නාලන්දා විද්‍යාලයේ ශතසංවත්සර සැමරුමට සමගාමීව ඉදිවන ‘නාලන්දා ස්පෝර්ට්ස් ඇරීනා’ පරිශ්‍රය, එම විද්‍යාලයේ ක්‍රියාත්මක වන ප්‍රධානතම යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස සැලකේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart