July 16, 2026

පාපන්දු ලොවේ දැවැන්තයන් දෙදෙනකු ක්‍රීඩාවේ විශාලතම කුසලානය වෙනුවෙන් තරඟ වදින 2026 ෆිෆා (FIFA) ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී, වත්මන් ශූර ආර්ජන්ටිනා කණ්ඩායම ස්පාඤ්ඤයට එරෙහිව මෙහෙයවීමේ වගකීම ලියොනෙල් මෙසී වෙත පැවරී ඇත.

එංගලන්තයට එරෙහිව අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් ආර්ජන්ටිනාව පිට පිට දෙවන වරටත් ලෝක කුසලාන අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ අතර, ප්‍රංශය සමඟ පැවැති අර්ධ අවසන් පූර්ව තරඟයෙන් කැපීපෙනෙන ජයක් ලබමින් ස්පාඤ්ඤය අවසන් මහාතරඟයේ තම ස්ථානය වෙන්කරවා ගත්තේය.

මෙම අවසන් මහා තරඟය ජූලි 20 වැනි සඳුදා දින ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 12:30 ට නිව්යෝර්ක්-නිව් ජර්සි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.