
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහි නාවික අවහිරතාව යළි ක්‍රියාත්මක කිරීමට සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ ‘භාරකරුවා’ බවට පත්වීමට තීරණය කර ඇති බව නිවේදනය කර තිබේ.
දෙපාර්ශ්වය අතර පවතින සාම සාකච්ඡා බිඳවැටීමේ දැඩි තර්ජනයක් මතුකරමින්, ඇමෙරිකාව සහ ඉරානය එකිනෙකා වෙත නවතම ප්‍රහාර මාලාවක් එල්ල කරගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ෆොක්ස් නිව්ස් නාලිකාවට සහ ටෲත් සෝෂල් ගිණුමට මෙම අදහස් දක්වා ඇත.
ඉරානය විසින් බහරේනය, කුවේටය, ඕමානය සහ ජෝර්දානයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කර ඇති බව පවසන අතර, ඊට ප්‍රතිචාර ලෙස ඇමෙරිකානු හමුදා ඉරාන වෙරළ තීරයේ පිහිටි ප්‍රධාන වරාය නගර ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර තිබේ.
ට්‍රම්ප් ප්‍රකාශ කළේ, හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සැපයීම වෙනුවෙන් සාධාරණ පියවරක් ලෙස, එහි ගමන් කරන සියලුම භාණ්ඩ ප්‍රවාහන නෞකාවලින් සියයට 20 ක ගාස්තුවක් ඇමෙරිකාවට අයකළ යුතු බවයි.
කෙසේවෙතත්, ඉරාන ඒකාබද්ධ හමුදා මූලස්ථානය ඇමෙරිකාවේ මෙම උපායමාර්ගික සැලසුම දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇත.
හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනයට මැදිහත් වීමට වොෂින්ටනයට කිසිදු ඉඩක් නොදෙන බවත්, ඇමෙරිකානු ආක්‍රමණික හමුදාවලට සැපයුම් හෝ සහාය දක්වන ඕනෑම කලාපීය රටක ක්‍රියාකලාපයක් ඉරානයේ ස්වෛරීත්වයට එරෙහි යුද ප්‍රකාශ කිරීමක් ලෙස සලකා දැඩි ප්‍රහාර එල්ල කරන බවත් ඉරාන හමුදා ප්‍රකාශකයා දැඩිව අනතුරු ඇඟවීය.
පසුගිය ජූනි මාසයේදී දෙපාර්ශ්වයම සටන් නැවැත්වීමට සහ හෝමුස් සමුද්‍ර සන්ධිය නැව් ගමනාගමනය සඳහා විවෘත කිරීමට මූලික අවබෝධතා ගිවිසුමකට එළඹ තිබිණි.
එහෙත් නවතම ප්‍රහාර සහ එකඟතා උල්ලංඝනය කිරීම් හේතුවෙන් එම සාමකාමී වටපිටාව සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත.
ලෝක තෙල් සහ ගෑස් අපනයනයෙන් සියයට 20ක්ම ප්‍රවාහනය කෙරෙන මෙම කලාපයේ පවතින යුදමය උණුසුම හේතුවෙන් වාණිජ නෞකා ගමනාගමනය දරුණු ලෙස පහත වැටී ඇති බව සමුද්‍රීය ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වාදෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart