
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනයේ නැඟෙනහිර දිග ප්‍රාන්තයක් වන ෂේජියෑන්ග් වෙත බාවි සුළි කුණාටුව ඇතුළු වී ඇති බවත්, එය ක්‍රමයෙන් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කරන බවත් එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
ෂේජියෑන්ග් ප්‍රාන්ත කාලගුණ නිරීක්ෂණාගාරය උපුටා දක්වමින් ෂින්හුවා පුවත් ඒජන්සිය සඳහන් කළේ සෙනසුරාදා රාත්‍රී 11.20 ට පමණ මෙම සුළි කුණාටුව චීන වෙරළ තීරයට ළඟා වූ බවයි.
මෙම සතිය ඇතුළත චීනයට බලපෑම් එල්ල කළ දෙවැනි සුළි කුණාටුව මෙය වන අතර, මීට සතියකට පෙර ‘මේසැක්’ (Maysak) සුළි කුණාටුව දකුණු චීනයට කඩා වැදුණි. බාවි සුළි කුණාටුව මීට පෙර ජපානයේ දකුණු දිග දූපත්වලට සහ තායිවානයට ද දැඩි සුළං සහ තද වැසි රැගෙන ආවේය.
කේන්ද්‍රයේ උපරිම සුළං වේගය පැයට කිලෝමීටර 144ක් වූ බාවි සුළි කුණාටුව හේතුවෙන් චීන බලධාරීන් සෙනසුරාදා දිනයේදී පුද්ගලයන් මිලියන 1.7කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට පියවර ගත් අතර, නැඟෙනහිර චීනය වෙනුවෙන් දැඩි සූදානමකින් යුතුව ඉහළම මට්ටමේ අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබුණි. ගොඩබිමට ඇතුළු වීමෙන් පසු කුණාටුව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි ද, එහි වේගය ක්‍රමයෙන් අඩු වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
පසුගිය සඳුදා ඇමෙරිකානු පැසිෆික් දූපත් හරහා හමා ගිය අවස්ථාවට වඩා මෙහි බලය අඩු වුවද, එහි වැසි වලාකුළු සතු විශාල ජල ධාරිතාව හේතුවෙන් බාවි සුළි කුණාටුව තවමත් දැඩි අවදානම් සහගත තත්ත්වයක පවතී.
මේ අතර, සක්‍රීය වූ නිරිතදිග මෝසම් තත්ත්වය සහ බාවි සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් සිකුරාදා රාත්‍රියේ ඇති වූ නායයෑම්වලින් පිලිපීනයේ පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. තායිවාන මධ්‍යම කාලගුණ පරිපාලනයට අනුව, සෙනසුරාදා දින කුණාටුව එරට හරහා හමා යද්දී තද වැසි සහ දැඩි සුළඟ හේතුවෙන් ලිස්සා ගිය මාර්ගවල යතුරුපැදි පදවන්නන් ඇතුළු පුද්ගලයන් 36 දෙනෙකු තුවාල ලබා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart