July 6, 2026

අස්වැසුම සහනාධාරය හිමිවන පවුල් සංඛ්‍යාව අඩු කිරීමට රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.

ඔහු එහිදී පැවසුවේ අස්වැසුම සහනාධාරය ලබාදෙන සංඛ්‍යාව ලක්ෂ 04කින් අඩුකිරීමට රජය පියවර ගෙන ඇති බවයි.

මෙම පිරිසට සහනාධාරය ලබාදීම අත්හිටුවා ඇත්තේ, ඔවුන්ගේ ජිවන තත්වය ඉහළ ගොස් ඇති නිසාදැයි යන්න සම්බන්ධයෙන් රජය මෙතෙක් පැහැදිලි කර නොමැති බව ද මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම ඔහු පැවසුවේ 2026 වසර අවසන් වනවිට එම සහනාධාරය හිමිවන පිරිසෙන් මෙම සංඛ්‍යාව අඩු වන බව රජය දැනටමත් පිළිගෙන ඇති බව ද ඔහු පැවසුවේය.

මෙවැනි තීරණයක් ගනු ලැබුවේ යම් ඉලක්ක‍යක් සහිතව ද යන්න සහ ඒ වෙනුවට තවත් පිරිසක් එම ප්‍රතිලාභය සඳහා සුදුසුකම් ලැබූවන් ලෙස එක් කර ගන්නේ ද යන්න සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා මෙහිදී විමසා සිටියේය.