July 5, 2026

රට තුළ පවතින උද්ධමනය සහ එය පාලනය කිරීමට මහ බැංකුව ඉදිරියේදී කුමන ආකාරයෙන් කටයුතු කරනු ඇතිද යන්න සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.

එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ උද්ධමනය 6.8%ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ වාර්තා අනාවරණය කරන බවයි.

ඉන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා මහබැංකුව කාර්තු හතක් අඛණ්ඩව සිය වගකීම ඉටුකර ගැනීමට නොහැකිව අසාර්ථක වී ඇති බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

”මේක ඉල්ලුම අනුව වැඩිවෙලා තියෙන උද්ධමනයක් නෙමෙයි. ඒ නිසා අපිට මේ අවස්ථාවේදී තව සුමානෙකින් දෙකකින් අහන්න ලැබෙයි මහ බැංකුව දැන් උද්ධමනය පාලනය කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉඟියක් දීලා තියෙනවා වගේ අපේ පොලී අනුපාතය නැවත වැඩි කරනවා කියලා, ඒ කියන්නේ 7.75 තියෙන එක 8.75 ක් කළා. මේක උද්ධමනය පාලනය කරන්න තවත් වැඩි කරන්න ඕනේ කියලා. මොකෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්කය ඉෂ්ට කරන්න කටයුතු කරාවිද? ” යනුවෙන් මන්ත්‍රීවරයා අදහස් පළ කළේය.