
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආසියා-පැසිෆික් කලාපය තුළ නවදිල්ලියේ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නව මට්ටමකට ඔසවා තැබීමට පියවර ගත්හ.
ඕක්ලන්ඩ් නුවර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව නායකයන් දෙපළ නිවේදනය කළේ, දෙරටේ සබඳතා “උපායමාර්ගික හවුල්කාරිත්වයක්” දක්වා ඉහළ නැංවූ බවයි.
මෙය දෙරට අතර පවතින පොදු ප්රජාතන්ත්රවාදී වටිනාකම්, ශක්තිමත් ජනතා සබඳතා සහ ඉන්දු-පැසිෆික් කලාපය කෙරෙහි ඇති අන්‍යෝන්‍ය උනන්දුව පිළිබිඹු කරන්නක් බව ඔවුහු ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළහ.
ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රේලියාව සමඟ ගිවිසුම්වලට අත්සන් තැබීමෙන් පසු සිකුරාදා රාත්‍රියේ නවසීලන්තයට ළඟා වූ මෝදි, සෙනසුරාදා සන්ද්‍යාවේ ඕක්ලන්ඩ් ක්‍රීඩාංගණයක පැවැත්වෙන ඉන්දීය ඩයස්පෝරා (විදේශගත ඉන්දියානුවන්ගේ) උත්සවයක් ඇමතීමට නියමිත බව රේඩියෝ නිව්සීලන්ඩ් රාජ්‍ය ගුවන් විදුලිය වාර්තා කළේය.
වසර 40කට පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු නවසීලන්තයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වන අතර, මෙම සංචාරය සිදුවන්නේ නවසීලන්තය තුළ ඉන්දියානුවන්ට එරෙහි විරෝධතා මතු වෙමින් පවතින සහ දෙරට අතර ඇති කරගත් නිදහස් වෙළඳ ගිවිසුම හේතුවෙන් එරට පාලක සන්ධානය තුළ දැඩි නොසන්සුන්තාවක් හටගෙන ඇති පසුබිමකය.
කෙසේ වෙතත්, ඉන්දු-පැසිෆික් කලාපයේ ස්ථාවරත්වය පිළිබඳ පවතින පොදු ආරක්ෂක උත්සුකයන් සැලකිල්ලට ගනිමින්, ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීමට සහ මුහුදු සීමාවන්හි ආරක්ෂාව වෙනුවෙන් වඩාත් සමීපව කටයුතු කිරීමට දෙරටේ නායකයෝ මෙහිදී එකඟතාව පළ කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart