
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මිලියන සංඛ්‍යාත නිවාසවලට පිරිසිදු බලශක්තිය ලබා දීම සහ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන, සවිකිරීම් මෙන්ම සේවා සැපයුම් දාමයන් ඔස්සේ රැකියා අවස්ථා මිලියන 1.7 ක් (ලක්ෂ 17 ක්) නිර්මාණය කිරීම අරමුණු කරගත් ඉන්දියාවේ ජාතික සූර්ය බලශක්ති ව්‍යාපෘතිය (Solar rooftops) වේගවත් කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැපයීමට ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
ඉන්දියාව 2070 වසර වන විට ශුන්‍ය කාබන් විමෝචනය ළඟා කර ගැනීමටත්, 2035 වසර වන විට තම සමස්ත විදුලි උත්පාදනයෙන් සියයට 60 ක්ම පොසිල නොවන ඉන්ධන මත පදනම් වූ බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමටත් කැපවී සිටී.
මහා පරිමාණ සූර්ය බලශක්ති ව්‍යාපෘති වේගයෙන් වර්ධනය වී ඇති නමුත්, නිවාස ආශ්‍රිතව සූර්ය පැනල භාවිතය මෙතෙක් පැවතියේ සීමිත මට්ටමකය.
මෙම විභවය උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීම සඳහා ඉන්දීය රජය විසින් ‘පී.එම් සූර්ය ගාර්: මුෆ්ට් බිජ්ලි යෝජනා’ නමින් වැඩසටහනක් ආරම්භ කර ඇත.
ඒ හරහා රට පුරා වෙසෙන ග්‍රාමීය හා නාගරික නිවාස මිලියන 10 කට සූර්ය පැනල සවිකිරීම සඳහා දිරිගැන්වීම් සැපයීම, නිවාසවල විදුලි පිරිවැය අඩු කිරීම සහ සූර්ය බලශක්ති උපකරණ දේශීයව නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම සිදු කෙරේ.
“ලෝක බැංකුව දශකයකට වැඩි කාලයක් තිස්සේ ඉන්දියාවේ සූර්ය බලශක්ති ක්ෂේත්‍රයට සහයෝගය දක්වන අතර, එහි ස්ථාපිත ධාරිතාව මෙගාවොට් 500 සිට ගිගාවොට් 27 දක්වා ඉහළ නැංවීමට ඩොලර් බිලියන 2 කට වඩා වැඩි මුදලක් සලසා දී තිබෙනවා,” යැයි ඉන්දියාව සඳහා වන ලෝක බැංකුවේ වැඩබලන නේවාසික අධ්‍යක්ෂ පෝල් ප්‍රොසී පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart