July 9, 2026

චීනයෙන් ආනයනය කරනු ලබන මෝටර් රථ, සැහැල්ලු ට්‍රක් රථ සහ බස් රථ සඳහා භාවිතා කරන ටයර් මත “ඇන්ටි-ඩම්පිං” (Anti-dumping) හෙවත් දේශීය වෙළඳපොළ ආරක්ෂා කිරීමේ බදු පැනවීමට පියවර ගත් බව යුරෝපීය කොමිසම ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ආරම්භ කරන ලද විශේෂ පරීක්ෂණයකින් අනතුරුව පැනවුණු මෙම බදු ප්‍රතිශතයන් සියයට 4.3 සිට සියයට 45.3 දක්වා විවිධ මට්ටම්වලින් යුක්ත වේ.

“චීනයේ සිට යුරෝපා සංගමයට මෝටර් රථ සහ සැහැල්ලු ට්‍රක් රථ ටයර් ආනයනය කෙරුණේ අසාධාරණ ලෙස අඩු මිල ගණන් යටතේයි (Dumped prices). මේ හේතුවෙන් යුරෝපා සංගමයේ සාමාජික රටවල් 14ක් පුරා පැතිරී ඇති, පුද්ගලයන් 80,000 කට අධික පිරිසකට රැකියා සපයන යුරෝපා ටයර් කර්මාන්තයට දැඩි හානියක් සිදුවෙමින් පවතිනවා,” යනුවෙන් එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.