
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නුවරඑළිය ප්‍රදේශයේදී භෞතචිකිත්සකවරියක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ ඊට ආධාර අනුබල දුන් අනෙක් සැකකරුවන් දෙදෙනා ඇතුළු සිව්දෙනාම එළැඹෙන ජූලි 16 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළේය.
අද දින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, නුවරඑළිය පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරුගේ රුධිර සාම්පලයක් ලබාගැනීමට අවශ්‍ය බව දන්වමින් මහෙස්ත්‍රාත්වරියගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකරන ලදී.
එම ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය, බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රධාන සැකකරු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකරන ලෙස නියෝග කළාය.
ඒ අනුව, බන්ධනාගාර සහ පොලිස් නිලධාරීන්ගේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ සැකකරු නුවරඑළිය මහ රෝහල වෙත රැගෙන ගොස් අදාළ රුධිර සාම්පල ලබාදීමට කටයුතු කෙරිණි.
ඉන් අනතුරුව සැකකරුවන් සිව්දෙනාම යළි අධිකරණය හමුවට පමුණුවනු ලැබූ අතර, එහිදී ඔවුන්ව ලබන 16 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරීමට නියෝග කෙරුණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart