
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජපානය සහ ඉරානය එකිනෙකට පටලවා ගනිමින්, “ඉස්ලාමීය ජපාන ජනරජය” (Islamic Republic of Japan) විසින් ඇමෙරිකාවට අයත් ‘යූඑස්එස් ඒබ්‍රහම් ලින්කන්’ යුද නෞකාව වෙත මිසයිල 111ක් එල්ල කළ බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැරදි ප්‍රකාශයක් සිදුකර ඇත.
අන්කාරා නුවර පැවැත්වෙන නේටෝ (NATO) සමුළුව අතරතුර යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි සමඟ පැවැති ජනමාධ්‍ය සාකච්ඡාවකදී ඇමෙරිකානු මිසයිල ආරක්ෂණ පද්ධති පිළිබඳව අදහස් දක්වමින් ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදුකළේය.
“ඉස්ලාමීය ජපාන ජනරජය විසින් අප වෙත මිසයිල 111ක් එල්ල කරනු ලැබුවා,” යැයි පැවසූ ට්‍රම්ප්, එම මිසයිල ඇමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඉලක්ක කර තිබූ බවත් ඒවා සාර්ථකව විනාශ කළ බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
වාර්තාවලට අනුව ට්‍රම්ප් මෙහිදී අදහස් කර ඇත්තේ මීට පෙර ඉරාන බලකායන් සම්බන්ධයෙන් සිදු වූ සිදුවීමක් වුවද, එහිදී ඔහු ඉරානය වෙනුවට ඇමෙරිකාවේ සමීපතම මිත්‍ර රටක් වන ජපානයේ නම වැරදීමකින් ප්‍රකාශ කර ඇත.
ටෙහෙරානය සමඟ ඇති කරගෙන තිබූ සටන් විරාමය “අවසන්” බවත්, ඉදිරියේදී තවදුරටත් මිලිටරි ක්‍රියාමාර්ග ගන්නා බවත් පවසමින් ට්‍රම්ප් ඉරානයට අනතුරු ඇඟවීමෙන් පසුව, ඇමෙරිකාව සහ ඉරානය අතර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති පසුබිමක ඔහුගේ මෙම ප්‍රකාශය සිදුවීම විශේෂත්වයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart