
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ වෙළෙඳ නැව් ඉලක්ක කර ගනිමින් පසුගිය සඳුදා රාත්‍රියේ අවම වශයෙන් මිසයිල ප්‍රහාර දෙකක් පමණ එල්ල කර ඇති බව ඇමරිකානු නිලධාරීන් දෙදෙනෙකු උපුටා දක්වමින් ‘Axios’ පුවත් සේවය වාර්තා කරයි.
මෙම ප්‍රහාරවලින් වෙළෙඳ නැව් දෙකකට බරපතළ හානි සිදුව ඇති නමුත්, කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව ඇමරිකානු නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ.
මේ අතර, ඕමානයේ, ලිමා ප්‍රදේශයට නැගෙනහිරින් පිහිටි මුහුදු තීරයේදී අඟහරුවාදා අලුයම හඳුනා නොගත් ප්‍රහාරක අවියක් එල්ලවීමෙන් ඉන්ධන ප්‍රවාහන නෞකාවක ගින්නක් හටගෙන ඇති බව බ්‍රිතාන්‍ය සමුද්‍රීය ආරක්ෂක ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
බ්‍රිතාන්‍ය සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් ඒජන්සිය සඳහන් කළේ, ලිමා සිට නාවික සැතපුම් 8ක් පමණ නැගෙනහිරින් දකුණු දෙසට ගමන් කරමින් තිබූ මෙම නෞකාවේ වම්පසට ප්‍රහාරය එල්ල වී ඇති බවයි. ප්‍රහාරය හේතුවෙන් ගින්නක් හටගෙන තිබුණද, ඉන් කිසිවෙකුටවත් තුවාල සිදුව නොමැති අතර පරිසරයට ද හානියක් සිදුව ඇති බවට වාර්තා වී නොමැත.
ලෝකයේ සමස්ත තෙල් පරිභෝජනයෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන ඉරානය සහ ඕමානය අතර පිහිටි මෙම පටු මුහුදු මාර්ගය වන හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව නාවික ගමනාගමනයට එල්ල වී ඇති දැඩි අවදානම මෙම සිදුවීම් හරහා නැවත වරක් ඉස්මතු වේ. ඇමරිකානු-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර සමඟ ඉරානය මුහුණ දී සිටින යුදමය වාතාවරණය හේතුවෙන්, ආරක්ෂිත නාවික ගමන් බිමන් සඳහා පනවා තිබූ තාවකාලික එකඟතාවන් පවා නොතකා වාණිජ නෞකා මෙලෙස අඛණ්ඩව ප්රහාරයන්ට ලක්වෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart